
(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට රජය ගත් පියවර ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් වන අතර ඡන්ද දායකයට කළ නිගරුවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.
රජය පළාත් පාලන මැතිවණය වසරකින් කල්දැමීමට රජය තීරණය කර ඇත්තේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මැතිවරණය කල්දැමීමට හේතුව කොවිඩ් වසංගතය නොවන බව ඕනෑම පුරවැසියකුට තේරුම් යන සරල කරුණක් බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS
මේ දිනවල සෑම පළාත් පාලන ආයතන වලම අයවැය සම්මත කරනවා.එම ආයතන වල මේ දිනවල පිස්සු බල්ලො වගේ කාකොටා ගන්නවා (පිස්සු නැති බල්ලො කාකොටා ගන්නෙ නැහැ උන් සාමකාමීව ඉන්නවා ) ඒ ගැන පැපරල් මහත්තුරු මොකද කියන්නෙ ඒවාට මොකුත්ම කොරන්නම බැරිද
රෝහණ මහත්තයගේ සංවිධානයෙන් කරන්න ඕනේ මැතිවරණයකදී එය නිදහස් හා සාධාරණ ද කියලා බලන එක. ඒකවත් තේරුම් ගත්ත බවක් පේන්නේ නැහැ. ඡන්ද දායකයාට කෙසේ වෙතත් තමන්ගේ ආදායම් මාර්ගයට නම් මරු පහරක් බව නම් පේනවා. ඔය වගේ එක්කෙනෙක් හිටියා කීර්ති කියලා, එයා අන්තිමට නැවතුනේ ආණ්ඩුකාරවරයකු වෙලා...
NGO වලින් පෝෂණය වන රෝහණ මහත්තයෝ, 8000 කට වැඩිය මහජන මුදලින් පෝෂණය වන පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් රටට සේවයක් තියෙනවද කියලා බලනවා හොඳයි. නිකන් බොරු කයිවාරු ගහන්නේ නැතිව හිටියොත් හොඳයි.
යහපාලනේ කාලෙ අවුරුදු 3ක් කල් දැම්මා එක එක ගොබ්බ හේතු කියලා. ඒ කාලෙ තමුසෙල කොහෙද හිටියෙ?
පළාත් සභා කල් දාන්න නෙවෙයි වල දාන්නයි ඕන. N.G.O. කාරයින්ගේ සාක්කු පිරුනට ඒක රටට විනයක්