
(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60යි 40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඉදිරියේදී 70යි 30 අනුපාතයට වෙනස් කරන්නැයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව සිය වාර්තාවෙන් රජයට නිර්දේශ කර ඇත.
අස්ථාවර පළාත් පාලන ආයන පද්ධතියක් නිර්මාණය වීමටඇති ඉඩකඩ අවම කිරීම එහි අමුණ බව එම කමිටුව පෙන්වා දී තිබේ.
පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීම සියයට 60ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරිය සියයට 40 අනුපාතක්‍රමය යටතේ ද දැන සිදු කෙරේ.
එය සියයට 70ක් කොට්ඨාස ක්‍රමය යටතේ ද ඉතිරි සියයට 30 අනුපාත ක්‍රමය යටතේ ද වන ලෙස ඉදිරි ඡන්ද විමසිමේදී වෙනස් කරන්නැයි කමිටුව නිර්දේශ කර ඇත.
මේ අතර පළාත් පාලන ආයතනවල දැනට සිටින 8000ක් පමණ වන සභික සංඛ්‍යාව ඉදිරි ඡන්ද විමසිමේදී 6500ක් පමණ දක්වා අඩුවිය යුතු යැයි ද කමිටුව නිර්දේශ කර තිබේ.
පවතින ක්‍රමය තුළ පළාත් පාලන සභිකයන්ගෙ අනවශ්‍ය වැඩිවීමක් පවතින බවත් එය අනිවාර්යයෙන්ම 1500කින් පමණ අඩුවිය යුතු බවත් කමිටුව පෙන්වා දී ඇත.
COMMENTS
දැනට කාලයක සිටම පළාත් පාලන ආයතනවල සභිකයින් විවිධ විශමාචාරවල යෙදෙන අවස්ථාත්, කාන්තා හිරිහැරත් දක්නට ලැබෙනවා. ඒවාට ගතයුතු ප්‍රතිකර්ම ගැන විස්තරයක් ඉදිරිපත් කරලා නැද්ද බලන්න... ඒ වාගේම සභාපතිවරුන්ට නිල නොලත් මහේස්ත්‍රාත් බලතල ලැබෙනවා. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති අයට එවැනි තත්වයන්ට පත්වීම් ගැනත් සැලකීමක් වෙනවා නම් අගෙයි...
මුදල් නාස්ති කිරීමක්... මේ ඡන්දය නැවැත්විය යුතුයි.
ලංකාවේ ඉහළම තැනක හිටපු කාලේ තිබුණේ පාර්ලිමේන්තුව, නගර සභා සහ ගම් සභා පමණයි. කොයිතරම් හොඳට රටේ පාලනය තිබුණාද? ගම සභාවල හිටියේ ස්වේච්ඡාවෙන් වැඩකරන ගමේ පිළිගත් පුද්ගලයින්. ඒ අය හොරකම් කළේ නෑ. තමන්ගේ පුද්ගලික ධනය වියදම් කරමිනුයි වැඩ කලේ. රජීව් ගාන්ධි පළාත් සභා අපේ ඇඟේ ගැහුවා. එ්ක මහා විනාශයක්. ප්‍රේමදාස මහත්තයා ප්‍රාදේශීය සභා හදලා මැර පැලැන්තියක්.. ඒවගේ නායකත්වයට පත්කළා. දැන් වෙලා තියෙන්නේ මහා නාස්තියක් සහ විනාශයක්. ආණ්ඩුව සහ විපක්ෂය එකතුවෙලා පරණ ක්‍රමයට යන්න පුළුවන් නම් ඒක තමයි කළයුත්තේ.
කිසිම උගත්කමක් සුදුසුකමක් නැති,,කිසිම චාරයක් නැති ඕනෑම තක්කඩියෙකුට උනත් ඉදිරිපත් වෙන්ඩ පුලුවන් එකම රැකියාව තමා දේසපාලනේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගණනත් අඩු කළා නම් හරි... වෙන රටවලට සාපේක්ෂව ලංකාවේ මන්ත්‍රින් වැඩියි.
ගමේ ගොඩේ මෝඩ තක්කඩින්ට කීයක් හරි හොයාගන්න තියෙන තැනක්නේ...
කේවල සමානුපාත මිශ්‍රණ අනුපාතය විතරක් නම් වෙනස් කරල මදි... මේ රටට දරාගන්න බැරි පළාත් පාලන සභික සංඛ්‍යාව 4000 වත් අඩු කරන්න. කේවල සමානුපාත මිශ්‍රණ අනුපාතය නම් 60 : 40 වඩාත් හොඳයි....
මම හිතන්නේ සමානුපාතික නියෝජනයේ ප්‍රතිශතය වෙනස්කිරීම හොඳයි. කාන්තා නියෝජනය කොට්ඨාශ මට්ටමෙන් හා පත්කරන ලැයිස්තුව දෙකටම යායුතුයි. සභික දීමනාව අහෝසි කළ යුතුයි. ලැයිස්තුවක් නැතිව තනි පුද්ගලයෙකුටද කේවල ක්‍රමය යටතේ තනි කොට්ඨාශයකට තරගකිරීමට අවස්ථාව දියයුතුයි. ඡන්දයට තරග කිරීමේදී වියදම් කළහැකි මුදල් සීමාවක් දැමිය යුතුයි. තම කොට්ඨාශයේ ප්‍රචාරක කටයුතු සඳහා සිදුකළ වියදම් එක් එක් අපේ්ක්ෂකයන් ලිඛිතව මැතිවරණ කොමිසමට බාරදිය යුතුයි. එසේ බාරදුන් පසු පමණක් ජයග්‍රාහකයාගේ නම ගැසට් කළයුතුයි. අය-වැය වාර්තා බාරනොදෙන සියලු දෙනාට එරෙහිව නඩු දැමීමට ප්‍රතිපාදන සැකසිය යුතුයි. කොට්ඨාශයක මන්ත්‍රී පුරප්පාඩුවක් ඇතිවූ අවස්ථාවක අතුරු මැතිවරණ ක්‍රමය සැකසිය යුතුයි. කොට්ඨාශයක දැවෙන ප්‍රශ්නයක් සභාවේ සාකච්ඡාව සඳහා ඉදිරිපත් කිරීමට ඡන්ද දායකයන් 100කගේ අත්සනින් ඉදිරිපත් කරන මහජන පෙත්සම් ක්‍රමයක් සැකසිය යුතුයි.