පාකිස්ථානය ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය සහ රූපවාහිනි නාලිකා විකාශනය තහනම් කර ඇති බව වාර්තා වේ.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය නිසා පාකිස්ථානය මෙම තීරණය ගෙන ඇත.
බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය මාර්තු මාසයේ සිට තහනම් කරන බවත් මේ සඳහා පකිස්ථානු ඉහළ උසාවිය ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවත් පාකිස්ථාන චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය පැවසුවේය.
ඒ අනුව කිසිදු ඉන්දියානු අන්තර්ගතයක් දේශීය රූපවාහිනිය ඔස්සේ විකාශනයත්, ඉන්දීය වෙළඳ දැන්වීම් ප්රචාරණයත්, වාර්තාමය වැඩසටහන් සහ චිත්‍රපට විකාශය කිරීමත් තහනම් කිරීමට පාකිස්තානය තීරණය කර ඇත.
මෙය ඉන්දියාවට පහසු දඩුවමක් වනු ඇතැයි ඔවුන් සිතුවත් එය වැරදි ඉලක්කයක් බවට විවේචන එල්ල වී ඇත.
1947 වර්ෂයේ සිට ඉන්දියාව සහ පාකිස්ථානය අතර දීර්ඝ කාලීන ගැටුම් පැවතියත් ඔවුන් අතර බොලිවුඩ් සිනමා නිර්මාණ හුවමාරු විය.
මෑතකදී ඉන්දියාව පකිස්ථානු දේශ සීමාව තුළ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත්, පාකිස්ථානය ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා බිද හෙලීමත් සමඟ දෙරට අතර ගැටුම් උත්සන්න විය.
(63226)
බීබීසී ඇසුරෙනි

2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි
thushara Wednesday, 13 March 2019 09:03 AM
ඔක්කොම ඉන්දියානු නාට්‍ය ටිකයි චිත්‍රපට ටිකයි මෙහෙට එවන්න, අපේ අමමන්ඩිලා ටික බලාගෙන ඉන්නේ මෙහෙ ඕවා පෙන්නනකල්
ලුම්බිණි Wednesday, 13 March 2019 10:11 AM
මෙහෙමත් මෝඩ වැඩ... ඉම්රාන් ඛාන්ට නොබෙල් ප්‍රයිස් තමයි දෙන්න ඕනෑ...
wedage Wednesday, 13 March 2019 10:24 AM
ඒ ටිකත් මේ ශ්‍රී ලංකාවේ ඉන්න මෝඩයින්ට පෙන්වන්න එවන්න.
පිටිගල මිලානෝ Wednesday, 13 March 2019 10:37 AM
පාකිස්තානෙට නම් පරක්කුවෙලා හරි මොලේ පෑදුණා...