(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හතක නියෝජිතයන් මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පත් කරනු ලැබ ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හෙට (28) කැඳවා ඇතැයි එහි ලේකම් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මෙම කමිටුව සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.
ලිබරල් පක්ෂය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ සහ සමත්තුවකච්චි පක්ෂය කමිටුවට සහභාගි වීම ස්ථීර කර ඇතැයිද රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
මෙතෙක් තම සහභාගීත්වය තහවුරු කර නොමැති පක්ෂ වන්නේ මවුබිම ජනතා පක්ෂය සහ එක්සත් සාම සන්ධානයයි.
මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ඉකුත් 14 වැනිදා සිය යෝජනා ඉදිරිපත් කළේය.
මැතිවරණ සහ මැතිවරණ ව්‍යුහයේ නීති රීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීය.
කමිටුව පළමු වරට රැස්වූයේ ඉකුත් මැයි මස 17 වැනිදාය.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්,පවිත්‍රා වන්නිආරච්චි , ජනාධිපති නීතිඥ අලි සබ්රි,රාජ්‍ය ඇමැතිවරුන් වන ජීවන් තොන්ඩමන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර මනෝ ගනේෂන්, එම් ඒ සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු කටයුතු කරති.
2025 දෙසැම්බර් මස 04
518
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පක්ෂ හතක් හෙට මැතිසභා මැතිවරණ කමිටුව ඉදිරියේ