IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


“පක්ෂ නියෝජිතයින්ගේ සාකච්ඡාවක් කැඳවන්නයි ඉල්ලයි’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් වහාම කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

මේ අවස්ථාවේදී අප කළ යුත්තේ එක එක්කෙනාගේ වැරදි සොයනවාට වඩා තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීම යැයි පැවසූ හිටපු ජනපතිවරයා ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක සියලු දෙනා පක්ෂ පාට බේද අමතක කර එකාවන්ව ඒකරාශි විය යුතු බවද සඳහන් කළේය.

රට අද මුහුණ දී සිටින්නේ මුළු ලෝකයම බලාපොරොත්තු නොවූ ව්‍යසනයකට යැයිද හෙතෙම පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මීට වඩා උදව් මෙරටට ලබා ගත හැකි බවත් මුළු ලෝකයේම නායකයන් මේ ව්‍යසනයෙන් අද කම්පනයට පත්ව සිටින බවත් සිරිසේන මහතා ප්‍රකාශ කළේය .

සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින තත්වයක් නොවේ යැයි කී හෙතෙම ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟයට මුහුණදී ඇතැයිද කීවේය.

මේ තත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකාවන්ව අධිෂ්ඨාන කරගත යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (8)

“පක්ෂ නියෝජිතයින්ගේ සාකච්ඡාවක් කැඳවන්නයි ඉල්ලයි’’

Nandalal DE SILVA - France Tuesday, 17 August 2021 04:54 PM

මෙයත් දැන් නින්දෙන් දොඩවනවා වගේ... පාස්කු සංහාරයට අහුවෙයි කියන බයට වෙනත් දේවල් ගැන බොරු ටෝක් දානවා.

:       7       13

bandula Tuesday, 17 August 2021 05:12 PM

ඔවුනුත් ඉතින් මාටියා ගහන්න ඇරෙන්න වෙන දන්න දෙයක් නැහැනේ...

:       2       13

fairoos Tuesday, 17 August 2021 05:48 PM

මෙන්න මේ හිටන් ඇවිල්ලා විකාර දොඩවනවා.. අපි සිරිසේන දීලා නන්දසේන ගෙනාවේ...

:       4       16

සඳුන් Tuesday, 17 August 2021 06:34 PM

සිරිසේන හිටපු ජනපතිතුමා නැති අඩුව දැන් හොඳින්ම දැනෙනවා...

:       5       9

Nihal Tuesday, 17 August 2021 06:54 PM

රටක් හැටියට මේ උවදුරින් ගැලවීමට සියලු දෙනාම එකතුවී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න.

:       1       11

de silva Tuesday, 17 August 2021 07:20 PM

සිරිසේන විකාර දෙඩුවත් මේ අවස්ථාවේ සිරිසේන ජනාධිපති වෙලා හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මොනවා නැති වුණත් සිරිසේන දේශපාලන පලපුරුද්දෙක්... හදිසියට ජාතිය අමතලා රූපවාහිනියේ කතාවක් හරි කරගන්න පුළුවන්කම තිබුණා. නන්දසේනට මේ දෙකම නෑ.

:       3       24

කල්පනා Wednesday, 18 August 2021 08:36 AM

සිල්වා මහත්තයා හරි මෙයා කියන්නෙ රනිල් සහ කරු කියපුදේ නැවත කීමක්.

:       0       0

sudath Wednesday, 18 August 2021 02:14 AM

නන්දසේන දන්නේ තමුන් නොදන්න සෞඛ්‍යයේ විශේෂඥයින්ට උපදෙස් දෙන්න. ඒක හැමෝටම කරන්න බෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site