(ඩයනා උදයංගනී)
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කිසිඳු හානියක් සිදුකර නොමැති බවත් අලුත් පක්‍ෂයක් ද ගොඩනගාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට සැලසුම් කර ඇත්තේ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එම පක්‍ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
එසේ වුවත් පක්‍ෂය විසින් ඔහුට එරෙහිව කිසිඳු විනය ක‍්‍රියාමාර්ගයක් ගෙන හෝ කිසිම ප‍්‍රකාශයක් කර නැතැයිද එහි දැක්වේ.
හිටපු ජනාධිපතිනිය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙහි වැඩිදුරටත් මෙසේ ද සඳහන්ය.




COMMENTS
කොහොමට ඉන්න තිබ්බ කෙනෙක්ද? වික්ටර් අයිවන් මහතා ලියූ පරිදිම චවුර ගති ඇති වුනේ.
පක්ෂ විනාශය කෙසේවෙතත් ජනාධිපතිනිය විදියට මෙයාට වචන දෙකක් හරියට ගලපලා ලියාගන්න බැහැනේ.. බලන්න දෙවන ඡේදයේ පළවැනි පේලියේම "පොහොට්ටුව" කියලා ලියලා තියන විදිය..
හෙට (05) කොළඹදී පැවැත්වෙන බව කියන සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට සහභාගි වීමට කිසිඳු අවසරයක් නොමැති බවත් යම් සාමාජිකයෙකු එම සමුළුව සඳහා සහභාගි වුවහොත් ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂය තීරණය කර ඇති බවත් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා කියලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන පොදුජන පෙරමුණට වැඩ කරන එක ගැන නම් ඒ මහත්තයා මොකුත් කියලා නැහැ...
මෙයා හිතන්නේ මිනිස්සු මැරිලා උපන්නා කියලා.. මෙයා නේද විජය කුමාරතුංගත් එක්ක මහජන පක්ෂය පිහිටුවාගෙන තාත්තගේ පක්ෂය පහතට දැම්මේ...?
පක්ෂ නම් ඔහේ විනාශ වෙලා ගියත් මොකද? රට විනාශ වෙන්නෙ නැත්නම්....
කාලයට හැඩගැගෙන්න බැරි ඕනෙම දෙයක් නැති වෙනවා. වාමාංශික පක්ෂ වලට මොකද වුනේ? ඒ වගේම තමා ශ්‍රිලනිපයටත් වෙන්නේ.
" අවෙරනි වේරානි" කියල බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා. ඔබගේ සිතේ තියෙන්නේ මහින්ද ජනාධිපති වීම ගැන තද බල තරහක්. ජනතාව ඔබට ගරු කළා. අදටත් එහෙම වෙන්න තිබුනා තරහා රැකගෙන උන්නනම්.
මැඩම් ගේ කතාවට අපි එකඟයි. ඒක රටම දන්නවා.
මෙයාගේ පැටිකිරිය කවුරුත් දන්නවනේ. අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.
බයිලා ගහන්න නම් එපා. එදා කොමියුනිස්ට් සමසමාජ අය රට වෙන අතකට ගෙනියන්න උත්සහ කරද්දී, සුද්දෝ රටේ මිනිස්සුන්ට විකල්ප පක්ෂයක් බිහි නොකිරීමේ වරද හරිගස්සන්න, ඔබතුමියගේ පියා ඒ මැදට යවා වෙනත් පක්ෂයක් බිහිකළා. පස්සේ ඔබතුමියගේ මෑණියන්ව රවට්ටලා ඉන්දියාව ඒ පක්ෂය ඉන්දියාවට ලැදි මාර්ගයකට හරවා ගත්ත. පස්සේ ඔබතුමිය නැවතත් වතාවක්, සුද්දන්ගේ බලපෑමට උනත්, රටක දියුණුවට අවශ්‍ය පරිදි අනික් ප්‍රධාන පක්ෂය සමග එකම මාවතක යන විකල්ප පක්ෂයක් ලෙස අවබෝධතා ගිවිසුමකින් සම්බන්ධ උනා. ඉන්පස්සේ ආපු රාජපක්ෂ වරුන්ට එම පක්ෂය තුල නිදහසේ කටයුතු කිරීමට ඉඩ නොදී, නැවත වතාවක් ඔබතුමියට පක්ෂයේ ඇති පාරම්පරික අයිතිය යටතේ, ඒකට බලපෑම් කරන්නට යාම නිසා රාජපක්ෂ වරු වෙනම පක්ෂයක් බිහිකර ගත්ත. ඔබතුමිය පක්ෂයට ඇඟිලිනොගහන්නට ඔවුන් වෙනමම පක්ෂයක් බිහිකර ගන්නේ නැහැ.
දෙන්නම. පක්ෂය විනාශ කළ එකට ඔය දෙන්නත් තව ලොකු ලොකු කිහිප දෙනෙකුත් වගකියන්න ඕන.
පක්ෂයත් රටත් දෙකම අනුභව කළා චෞර රැජින.
1980 ගණන්වල පක්ෂය කෑවේ වෙන කවුරුත් නෙවෙයි. තමන්ට බලය ගන්න. හිතේ ඇත්තේ ලංකාවේ මිනිස්සුන්ට අතීතය සම්පුර්ණයෙන්ම අමතකයි කියල වෙන්න ඇති. මෙයා නිසා තමයි ශ්‍රී ලංකා එකේ විනාශය පටන් ගත්තේ.
අනේ ඔයා එංගලන්තයටම වෙලා හිටියොත් ඒ හේතුවම හොඳටම ඇති අපේ රටට යහපත් කාලයක් උදාකරගන්න.
මෙයා මුලින්ම මහින්දව විනාශ කරන්න බැලුවා. පස්සේ මෙයා රට විනාශ කරලා මහින්දගෙන් පළිගන්න බැලුවා. තව ඉවර නැහැ.
කන්න ඕන වුනහම කබරගොයා තලගොයා කරගන්න කෙනෙක්. මෙච්චර වයසට ගිහිල්ලත්, වෛරය පිරිමහ ගන්න බැරිව ඉන්නවා. අපායේ දොර ඇරලම තියෙන්නේ සතුටින් භාරගන්න මේ වගේ අය.
ඔබ අටවාගත් බහුජන නිදහස් පෙරමුණ , මහජන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතුද?
2004 දී ඔබතුමියගේ නායකත්ව යටතේ 113 ක් වත් ගන්න බැරිවුනු පක්ෂයේ සන්ධානය 2010 දී 2/3ක් ගන්න තැනට ගෙනාවේ කවුද? 2010 ඔබතුමිය හිටියේ එජාප වේදිකාවේ. අයෙමත් 2015 දී ඔබතුමිය පක්ෂයට අතදාන්න ආව නිසා තමයි අද වෙනකොට මන්ත්‍රීවරු 25 කට බැහැලා තියෙන්නේ.
පක්ෂයට සදා ලැදිනම් පක්ෂය දාල ගිහින් මහජන පක්ෂය හැදුවේ මොකද? ඊට පස්සේ එකත් දාලා ගිහින් බහුජන නිදහස් පක්ෂය හදලා ආපහු ඒක අතහැරලා ආපහු ශ්‍රී ලංකා එකට ආවේ? සදා ලැදි නෙවෙයි මට ඕනා වෙලාවට ලැදියි කියන්න.
වික්ටර් අයිවන් මහත්තයාගේ චෞර රැජිණ පොතේ කූටප්‍රාප්තිය....
කොළේ බලාගෙනත් දෙඩුවේ බහුබූත.
නියම වැඩක් මැඩම්. සුපිරි. පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත එක ගැන මීක් නැහැ.
අපේ රටේ පක්ෂ කීයක් නම් තියෙනවද? එක වහලෙක්ටවත් හිතන්න බැරිද ශ්‍රීලනිප එක කඩාගෙන ගිහින් අපේ සල්ලි හොරකම් කරලා රටෙන් පැනල ගිය බැසිල් පොහොට්ටුව හැදුවේ ඇයි කියලා. පරම්පරාවට ගොඩයන්න සහ ගහපු කළු සල්ලි සුදු කරගන්න. දැන් පක්ෂයක් කිව්වට පොහොට්ටුව කියන්නේ පවුල.
බලනකොට ඇත්ත තමයි. අපේ පක්ෂය රැකගන්න කවුරුත් සමගි විය යුතුයි. මහින්ද මහත්තයා පොහොට්ටුවට ගියා කියල විනය පරීක්ෂණ තිව්වේ නෑනේ. චන්ද්‍රිකාට මෙහෙම කරන එක අසාධාරණයි.
ජන්දයකින් පැරදී යලිත් විශාල ජන ආකර්ශනයක් ලබපු එකම නායකයා මහින්ද මහත්තයා. චන්ද්‍රිකාට අද වෙනකොට ජන්ද දස දහසක් ගන්ඩත් අමාරු වේ. මේ අයට තියෙන්නේ වෛරය වෙනබමුකුත් නොවෙයි. කඩාකප්පල් වැඩ සදහා ඉන්න කට්ටිය දෙමාපියන්ගේත් නම බාල්දු කරනවා. සියලු දෙනා ප්‍රත්ක්ෂේප කළහම නැටුම් ඉවරයි. මේ අය දන්නවා මහින්දගේ වැඩවලට ඒ අය සෙකන්ඩ් කියලයි මහින්ද දක්ෂයි කියල. එහෙම කෙනෙකුට සහය දීලා රට සංවර්ධනයට එක්වෙන්නැතිව බොරු පලකට නැති වැඩ කරනවා. මේ කෙනා රටට කරන්නෙත් ඔය පල් වැඩ. මේ ගොල්ලට මෙයාලගේ අතීතය අමතක වෙලා. මහින්ද මහත්තයට කෙනහිලිකම් කරලා කරලා තවත් ඒ හමටම තලනවා. මහින්ද මහත්තය පක්ෂයක් හැදුවා විතරක් නෙවෙයි ජන්ද වලින් ජයත් ගත්තා. ඔහෙලා වගේ දිය උනේ නැහැ. ඔහෙලා ඉදිරියට දේශපාලනයේ ඉන්නවනම් මතක තියාගන්න මහින්ද මහත්තය තමයි පිලිසරණේ . ඔහෙලව සමාජයෙන්ම අතුග දමන්නටත් එයාට පුළුවන්. යලිත් රාජපක්ෂ යුගයකට ජයවේවා !
මෙයා බණ්ඩාරනායක පරම්පරාවම නැති කරනවා.
මහින්ද කාලේ නුඹලාත් එක්ක ඉන්න බැරිනිසා වෙනම පක්ෂයක් හදාගෙන ගිය එකයි වුණේ. මහින්ද ගියාම යන එන මං නැතිවුණා. නන්නත්තාර වුණා.