IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘පක්ෂනායක රැස්වීම කැඳවුයේ නීත්‍යනුකූලව නොවන බව කතානායක පැවසුවා‘


(ඩයනා උදයංගනී)


පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයින්ගේ රැස්වීමක් තමන් කැඳවූයේ නීත්‍යනුකූලව නොවන බව එම රැස්වීම අතරතුර කිහිපවරක්ම කතානායකවරයා පැවසූ බව රජයේ සම මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය.


  තමන් එය කැඳවූයේ නිල නොවන රැස්වීමක් ලෙස බව කතානායකවරයා පැවසූ බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන්  කළේය.


කතානායකවරයා විසින් කළ කැඳවීමක් අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (30) පැවති එම පක්‍ෂ නායක රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ වෙනුවෙන් තමන්, නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්‍ෂ, ඩග්ලස් දේවාන්දා, සරත් අමුණුගම යන අමාත්‍යවරුන් සහ දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ද සහභාගී වූ බව ඇමතිවරයා කීවේය.


පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින් කැඳවන ලෙස මන්ත‍්‍රීවරුන් 126කගේ අත්සනින් තමා වෙත ඉදිරිපත් කර ඇති ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇති බව මෙහිදී කතානායකවරයා පක්‍ෂ නායකයින්ට දැනුම් දුන් බව ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.


රජයේ සම මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.


          පාර්ලිමේන්තුව කල්දැමීමේ ව්‍යවස්ථානුකූල බලය ජනාධිපතිවරයාට ඇති බව පිළිගැනීම සම්බන්ධයෙන් මෙහිදී තම කණ්ඩායම කතානායකවරයාට ස්තුතිය පළ කළ බවත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල්දැමීමට කිසිවෙකුගෙන් හෝ විමසිය යුතු නැති බව කතානායකවරයාට දැනුම් දුන් බවත් ඇමතිවරයා කීවේය.

 අයවැයක් පිළියෙළ කිරීම ආදී කටයුතුවලට පාර්ලිමේන්තුව 16 වැනිදා දක්වා කල්තබා ඇති බව ද කතානායකවරයාට දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.


හිටපු අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම, නව අගමැතිවරයෙකු පත්කිරීම ඇතුළුව ජනාධිපතිවරයා විසින් මේ වන තුරු ගත් සියලූ තීන්දු තීරණ ගෙන ඇත්තේ ව්‍යවස්ථානුකූලව හා රටේ නීතිය අනුව බව කතානායකවරයාට පෙන්වා දුන් බව ද හෙතෙම කීවේය.

 කතානායකවරයා කැඳවා තිබූ මෙම රැස්වීම විනාඩි 15කට පමණ සීමා වූ බව ද සමරසිංහ මහතා සඳහන්  කළේය.



අදහස් (2)

‘පක්ෂනායක රැස්වීම කැඳවුයේ නීත්‍යනුකූලව නොවන බව කතානායක පැවසුවා‘

Shan Tuesday, 30 October 2018 11:57 AM

මම හිතුවා මේ මනුස්සයා ටිකක් හරි රට ගැන හිතනවා කියලා. බලාගෙන ගියාම මෙයත් මහින්දගේ රූකඩයක් විතරයි. දැන් මහින්ද දාලා තියෙන්නේ නීතියට අනුවද? රට කන්න එපා...

:       0       0

sirimal Tuesday, 30 October 2018 11:57 AM

කතා බතා ඕන නැහැනේ. පාර්ලිමේන්තුව කැඳවලා කාටද වැඩි බලය තියෙන්නේ කියලා පෙන්නුවා නම් අහවරයිනේ... කල් මරන්නේ අවශ්‍ය කට්ටිය බිලි බාගන්නතුරු කියන එක මුළුරටම දන්නා නිසා මේකෙන් වෙන්නේ ඔය කියන දේවල් වැදිබණ හැටියට කාටත් හිතෙන එකයි. මාධ්‍ය සියල්ලම තමන්ගේ හොරණෑ කරගත්තට දැන් කාලේ ප්‍රවෘත්ති දැනගන්න වෙන විදි සහ ක්‍රම තියෙනවා මහත්තයෝ... ඔබතුමා වැනි උගතෙක් ඒක දන්නේ නැතුවා වෙන්න බැරි නැහැනේ... රට අරාජික තත්වයකට ඇදවැටිලා නැවත වතාවක් රාජ්‍ය භීෂණය පැතිරෙයි කියන එකයි අපට තියෙන බය. එහෙම වුනොත් සේරම කට්ටිය පරණ කෝන්තර පිරිමහ ගනීවි නියමෙට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site