IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


“නිහඬ මැතිවරණ සමයේදී අල්ලස් දීම් ගැන සොයනවා’’

(මොහොමඩ් ආසික්)
 
නිහඬ මැතිවරණ සමය තුළ සහ සමස්තයක් වශයෙන් මැතිවරණ සමය තුළ ඡන්දදායකයින්ට අල්ලස් දීම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව කැෆේ සංවිධානය කියයි.

එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා අද(14) රත්නපුරදී පැවැති කැෆේ සංවිධානයේ වැඩමුළුවකදී මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ පූර්ව මැතිවරණ සමයේ තම සංවිධානය වෙත පැමිණිලි 735ක් වාර්තා වී ඇති බවයි.  මීට අමතරව සමස්තයක් ලෙස සලකා බැලූ කළ අනිකුත් ජනාධිපතිවරණවලට සාපේක්ෂව  මෙවර ජනාධිපතිවරණ නිහඬ සමය සාමකාමී බවද ඒ මහතා පැවැසීය. නිහඬ මැතිවරණ සමය තුළ මේ වනතෙක් ලැබී ඇත්තේ පැමිණිලි 8ක් පමණක් බව පෙන්වා දුන් මනාස් මකීන් මහතා කියා සිටියේ ඒවා ප්‍රචාරක පුවරු සහ මෙහෙයුම් කාර්යාල ඉවත් නොකිරීම සම්බන්ධයෙන් වාර්තා වූ ඒවා බවය.

නිහඬ මැතිවරණ සමය තුළ සහ මැතිවරණ දිනයේ ඡන්දදායකයින් වෙත අල්ලස් ලබාදීමේ සිදුවීම් වාර්තා විය හැකි බවත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මෙම ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය. එහිදී ජංගම නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 2300ක් යෙදවීමට අපේක්ෂා කරන බව ද මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය.



අදහස් (0)

“නිහඬ මැතිවරණ සමයේදී අල්ලස් දීම් ගැන සොයනවා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site