IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


නව සන්ධාන සාකච්ඡා හෙට අරඹයි

නාලක සංජීව දහනායක
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබඳ සාකච්ඡා නිල වශයෙන් හෙට (14) ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

ඒ අනුව පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් තම පක්‍ෂය නියෝජනය කරමින් සහභාගිවන බව සඳහන් කළ රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, හිටපු මහලේකම්වරයකුවූ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වන බව සඳහන් කළේය.  

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (13) පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේය.    ​

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (9)

නව සන්ධාන සාකච්ඡා හෙට අරඹයි

ravi Wednesday, 13 March 2019 08:23 AM

ඔය මොන " සන්ධාන " කරේ තියාගෙන ආවත් " පවුල් සන්ධාන " වලට අපි ඡන්දය දෙන්නේ නැහැ .

:       13       90

athura Wednesday, 13 March 2019 08:29 AM

නව සංධානේ ගැන සාකච්ඡා කරන ගමන්ම අර මල්වානේ අයිතිකාරයෙක් නැති ගෙදර ගැනත් කතාකළොත් නරකද?

:       1       141

Nishanth Wednesday, 13 March 2019 08:58 AM

මොනවා හරි කරලා මේ රටේ මිනිස්සුන්ට හොඳ රටක් හදලා දෙන්න. නැතිනම් හොඳ අනාගතයක් නැහැ. මොකද මේ රට ආගාධයට ගියොත් ඔයාලා රට අතඇරලා යනවා. දුප්පත් රපට එහෙම කරන්න බැහැ.

:       191       26

රොමේෂ් Wednesday, 13 March 2019 09:25 AM

රට දුප්පත් කෙරුවේ මේවගේ මිනිස්සු. රට දුප්පත් කරන මිනිස්සුන්ව තැනුවේ ඔබ වගේ මිනිස්සු. මේවගේ මිනිහෙක්ගෙන් "මොනවා හරි කරලා මේ රටේ මිනිස්සුන්ට හොඳ රටක් හදලා දෙන්න" කියන මිනිස්සු තවමත් ඉන්නවනේ. ඉස්සෙල්ලම මේ ගොල්ලන්ට කියලා දෙන්න "රට" කියන්නේ "තමන්ගේ පව්ල" සහ "රටේ මිනිස්සු" කියන්නේ "තමන්ගේ පව්ලේ සාමාජිකයෝ"නොවන වග...

:       123       166

sirimal Wednesday, 13 March 2019 09:45 AM

ඩලස් මහත්තයා "ආනන්දේ පාසල් සිසුවෙක්ව ඉන්නාකාලේ කරු ජයසුරිය මහතා කොළඹ නගරාධිපති වෙලා හිටියා" කියල එක වතාවක් ගහපු කෙබරේ වගේ දේවල් නම් සාකච්චාවේදී කියන්න එපා ඔන්න. ඔතන වෙන්නේ ඇතුලෙදි "එකට තරඟ කරනවා" කියල පොරොන්දුවෙලා එලියට ඇවිත් "අපි එන්නේ පොහොට්ටුවෙන් පමණයි" කියල කියන එක විතරයි. අපි දන්නේ නැද්ද පොහොට්ටුවට එකතුවෙලා ඉන්න අයගේ කැරැට්ටුව. " ඒක පුද්ගලාභිවන්දනය" නැත්නම් කොයි කාටත් යන එන මන් නැහැ.

:       1       80

sirimal Wednesday, 13 March 2019 10:19 AM

ඔය අවස්ථාවේදී මාධ්‍යවේදියෙක් විසින් "මේ දවස්වල පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා කෙරෙන සාකච්ඡා සාර්ථක වී ඒ මඟින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස යෝජනා වුවහොත් ඔහුට සහය දෙනවද "යන්න පිළිබඳ නැගූ ප්‍රශ්නයේදී බැසිල් රාජපක්ෂ මහතා සිනහවෙමින් "කවුරු වුවත් ජනාධිපති අපේක්ෂකයා වීමට නම් පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සිදුවන අතර ඒ සඳහා දෙදෙනෙකුගේ අනුමැතිය හිමිවිය යුතු හෙයින් එලෙස යෝජනා කිරීමට දෙදෙනෙකු සිටිනවා නම් බලමු. පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තොත් මෛත්‍රීගේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන වුනත් සලකා බලන්න පුළුවන් " යනුවෙන් පැවසූ බව සමහර වාර්තාවල දක්වා තිබුණි.

:       0       112

පිටිගල මිලානෝ Wednesday, 13 March 2019 10:34 AM

එළිපිට හොරු කියලා ඔප්පුවුණා. මිනිස්සු ලැජ්ජා නැතිව ඉතුරු ටිකටත් වැඩේ දෙන්න කුරුමානම් අල්ලනවා. මෙහෙව් රටක්...!

:       1       8

rocky Wednesday, 13 March 2019 01:04 PM

ලංකාවේ මෙතෙක් පහළ වූ ලොකුම හොර තක්කඩි සංවිධානයට `ජයවේවා!`

:       0       5

Demuni de silva Wednesday, 13 March 2019 03:32 PM

පොහොට්ටුවට කිසි දැක්මක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 54 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site