IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


‘නව ව්‍යවස්ථාව ගෙනෙන දවස රටට කියන්න’

(විනීතා එම්. ගමගේ)
       
රජය මැතිවරණයේ දී පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවක් ගෙන ආයුතු බවත්, එය ගෙන එන කාලරාමුව ඉක්මණින්ම ජනතාව ඉදිරියේ පැවසීය යුතු බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය.
       
පළාත් සභා මැතිවරණය නොතබා ඊට පෙර මෙම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු යැයි කී අමරසේකර මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් නව ව්‍යවස්ථා සංශෝධනයේ දී 13 වන සංශෝධනය අහෝසි කළ නොහැකි යැයි ද පැවැසීය. නව ව්‍යවස්ථාවේ දී 13 වන සංශෝධනය 15 හා 16 වන සංශෝධන ද ඉවත් කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි ද හැංගි හොරා කථා නොකර ව්‍යවස්ථාව ගැන ජනතාව ඉදිරියේ පුළුල්ව කථා කළ යුතු යැයි ද ජනතාව දැනුවත් කළ යුතු යැයි ද හෙතෙම කියාසිටියේය.
       
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ අදහස් පළ කළේ ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධාන කාර්යාලයේ අද (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා 19 වන ව්‍යවස්ථාවට ගෙන ආ සංශෝධන රටේ පාලනයට මිස ජනතාවට වැදගත් ඒවා නොවන බව පෙනීයන්නේ යැයි එසේවුවත් සිදුකරන ලද සංශෝධන පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව සතුට පළ කරන බවත් විශේෂයෙන් 19 සංශෝධනයේ පැවැති හොඳ දේ ඉතිරි කරගෙන නරක දේ ඉවත් කර ඇතැයි බැලු බැල්මට පෙනී යන බවත් කියා සිටියේය.
       
සියලු කරුණු අනුව පෙනී යන්නේ අලුත්ම ව්‍යවස්ථාවක් ඉක්මණින්ම ජනතාව හමුවේ තැබිය යුතු බව යැයි කී සභාපතිවරයා මේ වනවිට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳ කථා බහ කෙමෙන් වියැකී යන්නේ යැයි පෙනෙන බවත් එය එතරම් හොඳ නොවන බවත් සඳහන් කළේය. අලුත් ව්‍යවස්ථාවක් ගැන සෞභාග්‍යයේ දැක්මේ සඳහන් ව ඇති බව පෙන්වා දුන් අමරසේකර මහතා ලක්ෂ 68ක ජනතාව ඡන්දය දුන්නේ රටට නවතම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය නිසා බවද ඒ වෙනුවෙන් බලකර සිටීම ජනතාවගේ වගකීම බව ද සිහිපත් කළේය. 
අලුත් ව්‍යවස්ථාව හදන අවස්ථාවේ එහි කටයුතු ජනාධිපතිවරයාගේ වගකීම යටතේ තබාගැනීමට ගත් තීරණයත්, කොමිටි අවස්ථාවන්හිදී සංශෝධන එක් නොකිරීමට ගෙන ඇති තීරණයත් ඉතා හොඳ තීරණ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
       
එම මාධ්‍ය හමුව ඇමතූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ 19 වන සංශෝධනයේ තිබු හොඳ වගන්තියක් වන ද්විත්ව පුරවැසි භාවය ඉවත් කිරීම පාඩුවක් වන බවය.
       
එය දේශපාලඥයන්ට පමණක් නොව තීන්දු තීරණ ගන්නා මට්ටමේ නිලධාරින්ට ද අදාල කරමින් පැනවිය යුතු නීතියක් බව කී ඔහු විශේෂයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් හා ඉහළම මට්ටමේ නිලධාරින්ට ද බලපාන පරිදි යළි පැනවිය යුතු යැයි ඔහු කියා සිටියේය.
       
කෙසේ වෙතත් කාරක සභා අවස්ථාවන් හීදී නොයෙක් සංශෝධන එක්කිරීමට තිබු අවස්ථාව නැති කිරීම පිළිබඳව ජාතික සංවිධාන එකමුතුව ස්තුතිය පල කරන බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන අවස්ථාවේ දී බොහෝ වගන්ති කමිටු අවස්ථාවේ එක් කළ බව අමතක කළ යුතු නැතැයි ද සඳහන් කළේය.
 

 



අදහස් (1)

‘නව ව්‍යවස්ථාව ගෙනෙන දවස රටට කියන්න’

Ashan Friday, 04 September 2020 02:00 AM

මෙයාලා උත්සාහ කරන්නෙ රට අනාතකරලා යන්ඩ. ඇවිත් තියෙන සංශෝධන තනිකර ඒකාදිපතිත්වයට රට තල්ලු කරන ඒවා

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1884 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1514 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site