(රොමේෂ් මධුෂංඛ)
නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂය ද එකඟ නොවන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වව්නියාව නගර සභා සංස්කෘතික ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ කීය.
‘නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසය වශයෙන් අපේ පක්ෂයේ ඉල්ලීම් මොනවද කියලා අපි දීලා තියනවා . ඒ වගේම අනෙකුත් පක්ෂත් ඒ විදිහට ඉල්ලීම් දීල තියනවා. නමුත් නව ව්‍යවස්ථාවට ඇතුළත් වී ඇති සියලුම කරුණු වලට අපි එකඟ නැහැ. නමුත් නව ව්‍යවස්ථාව සම්මත වුණු විදිහට තමයි සමහර අය කටයුතු කරන්නේ. ඒක සම්පුර්ණයෙන්ම වැරදියි.
නව ව්‍යවස්ථාව සම්මත කරගන්න නම් මන්ත්‍රීවරුන් 150 කගේ කැමත්ත තියෙන්න ඕනෑ. එක්සත් ජාතික පෙරමුණේ ඉන්න එක පක්ෂයක් විදිහට අපිත් නව ව්‍යවස්ථාවේ ඇතැම් කරුණුවලට එකඟ නැත්තම් කොහොමද මන්ත්‍රීවරුන් 150කගේ සහයෝගය ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම නම් හිතන්නේ මේ වසර තුළ ඒ දේ වෙන්නේ නැති වෙයි කියලයි. නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරල තියනවා. ඒක ක්‍රියාත්මක වෙනවා කියල සමහර අය ඡන්දය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරල තියනවා. සමහර අය මේක වාසියට ගන්නවා සමහර අය මේක ආණ්ඩු පක්ෂයට අවාසියක් විදහට ප්‍රචාරය ගෙනියනවා.'
COMMENTS
මේ ඇම්ඩන්ලද ?? අන්තිමට කව්රුත් දන්නේ නැහැ.... රාත්තලම අරගෙන තොත්ත බබාලා වගේ රගයි. කපටි" නරි හිවල්ලු".
ඇත්තනේ...!! අපිත් කියන්නේ මේ රටට බෞද්ධ සහ සිංහල භාෂාවට මූලිකත්වය දෙන අලුත් ව්‍යවස්ථාවක් හෝ කුමන ව්‍යවස්ථාවක් හෝ ගෙනෙන විට එය මල්වතු අස්ගිරි ඇතුළු මහා සංඝරත්නයෙන් අවසර ගත යුතු සහ උන්වහන්සේලා ලවා යම් වැරද්දක් ඇත්නම් සංශෝධනය කරගත යුතුය. මෙය ගිහි අපේ වගකීමක්...
අපි මේ.. බදුර්දීන් මහත්තයගෙන්... ඔයාගේ අදහස් ඇහැව්වේ නැහැ නේද? නිකන් පනින්නේ නැතුව ඉන්නවද? ..!!!
විල්පත්තුව සම්පූර්ණයෙන් ඉක්මනින් කපන්න පර්මිට් එකක් වෙන්න ඇති ඉල්ලලා ඇත්තේ...
අකමැති තැන් ටික කියන්න පුළුවන්ද? අපිටත් පොඩ්ඩක් දැනගන්න. අපි ඇහුවොත් කියන්නේ තාම එහෙම එකක් හදලත් නෑ කියලනේ.
මොකක්ද කැලෑ කපන්න අයිතිය දෙන්නද? මහ ලොක්කෙක්ද? කැලෑ පාළුවන් තමයි...
කැලේ විනාශ කළානම් කොහෙන්ද අලුත් ව්‍යවස්ථාවක්? අරාබියෙන් හොයාගන්න. අපේ දේශපාලකයන් ඉන්නකම් නටන්නයි වෙන්නේ කකුලුවෝ වගේ...
ව්‍යවස්ථාව ඇත්තට ඕනේ අය ඉන්නේ පිටරට. මෙහෙ ඉන්නේ කුලී කාරයින්...
ව්‍යවස්තාව ගැන ලියවිලි මුකුත් නැහැ කියලා අගමැති කියන්නේ... කවුද මහජනතාව රවට්ටන්නේ?