(දිල්රුක්ෂි ග්‍රේරු සහ මුදිතා දයානන්ද ලග්ගල සිට)
මොරගහකන්ද,කළුගඟ ව්‍යාපෘතින් ඉදිකිරීමෙන් පසු යටවූ ලග්ගල පල්ලේගම නගරය වෙනුවට ඉදිකළ නව ලග්ගල හරිත නගරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08) සිදු කෙරිණි.
එමෙන්ම කළුගඟ ජලාශය ජනතා අයිතියට පත් කිරීමද මෙහිදී සිදු විය.
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ,නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා, හිටපු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - දිල්රුක්ෂි ග්‍රේරු
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
වැඩිදුර ඡායාරූප නැරඹීමට පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නව ලග්ගල හරිත නගරය ජනපති අතින් විවෘත වේ
Indika priyadarshani Tuesday, 08 January 2019 07:50 AM
සුබපැතුම් ඔබ තුමාට සහ රජයට. මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා.!
Hafeel Tuesday, 08 January 2019 08:34 AM
මේ ජනාධිපති විසින් කී පාරද කළුගඟ ජලාශය ජනතා අයිතියට පත් කරන්නේ?
sirimal Tuesday, 08 January 2019 09:36 AM
නායකයා වෙනුවට උප නායකයා ලංකරගෙන දෙන්නටම වැඩක් දෙන්න වගෙයි යන්නේ කියලා හිතෙන්නේ මට විතරද?
anura Tuesday, 08 January 2019 11:15 AM
මේක විවෘත කොරන්න කී දෙනෙක් පෝලිමේ ඉන්නවද? ඔන්න ඕකයි තත්වේ අද රටේ
anura Tuesday, 08 January 2019 11:16 AM
කෝ නගරය නැහැනේ කළු ගල් ගෙඩිය විතරද තියෙන්නේ?
janatha anura Tuesday, 08 January 2019 11:17 AM
හරිත නගරය = කළුගල් ගෙඩිය
kal Tuesday, 08 January 2019 11:56 AM
සමරු පලකයේ දිග පළල දැක්කම හිතෙනවා මේවා අවශ්‍යද කියලා.