IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නව ඡන්ද ක්‍රමය ගැන අර්ථකථනය කරන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පසුගිය පළාත් පාලන ඡන්දයේ රට පුරා ප්‍රතිඵල  සංඛ්‍යා ලේඛන යෝජිත නව ඡන්ද ක්‍රමය වෙනුවෙන්  අර්ථකථනය කරන ලෙස මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට අද (10)උපදෙස් දුන්නේය.

මෙම විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ්  ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්විය.

සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට  60 ක් සහ  අනුපාතික ක්‍රමයට සියයට 40 ක් වශයෙන් ජනතා නියෝජිතයන් තෝරා ගන්නා ආකාරයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගෙන වාර්තාව කෙටුම්පත් කිරීමට එම විශේෂ කාරක සභාව මෙයට පෙර එකඟත්වයක් ඇතිකර ගෙන තිබිණ.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, අනුර දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ.සුමන්දිරන් යන මහත්වරුද  සීමා නිර්ණය කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම ආදි ආයතනවල නිලධාරීහුද සහභාගී වූහ.



අදහස් (1)

නව ඡන්ද ක්‍රමය ගැන අර්ථකථනය කරන්න

sampath Thursday, 10 March 2022 11:20 PM

මෙයාලා ඡන්ද ක්‍රම ගැන කතා කරනවා. තෙල්, ගෑස්, විදුලිය, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, පොදු ප්‍රවාහනය ගැන කතා කරන්න, ඡන්ද ගනින්න බලන් ජනතාව ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 3 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 589 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site