
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) උදෑසන මහනුවර මඟුල් මඩුවේ දී ඇරඹිණි.
දිවුරුම් දීමේ උත්සවය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික ආශිර්වාදය මැද ආරම්භ කෙරිණි.
අමාත්‍යවරු
01.ගෝඨාභය රාජපක්ෂ - ආරක්ෂක අමාත්‍යාංශය
02.මහින්ද රාජපක්ෂ - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය
03.නිමල් සිරිපාල ද සිල්වා - කම්කරු අමාත්‍යාංශය
04.ජී.එල්.පිරිස් - අධ්‍යාපන අමාත්‍යාංශය
05.පවිත්‍රාදේවී වන්නිආරච්චි - සෞඛ්‍ය අමාත්‍යාංශය
06.දිනේෂ් ගුණවර්ධන - විදේශ අමාත්‍යාංශය
07.ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍යාංශය
08.ගාමිණි ලොකුගේ - ප්‍රවාහන අමාත්‍යාංශය
09.බන්දුල ගුණවර්ධන - වෙළඳ අමාත්‍යාංශය
10.ආර්.එම්.සී.බී.රත්නායක - වනජිවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය
11.ජනක බණ්ඩාර තෙන්නකෝන් - රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
12.කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය අමාත්‍යාංශය
13.චමල් රාජපක්ෂ - වාරිමාර්ග අමාත්‍යාංශය
14.ඩලස් අලහප්පෙරුම - විදුලිබල අමාත්‍යාංශය
15.ජොන්ස්ටන් ප්‍රනාන්දු - මහාමාර්ග අමාත්‍යාංශය
16.විමල් වීරවංස - කර්මාන්ත අමාත්‍යාංශය
17.මහින්ද අමරවීර - පරිසර අමාත්‍යාංශය
18.එස්.එම්.චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍යාංශය
19.මහින්දානන්ද අලුත්ගමගේ - කෘෂිකර්ම අමාත්‍යාංශය
20.වාසුදේව නානයක්කාර - ජලසම්පාදන අමාත්‍යාංශය
21.උදය ප්‍රභාත් ගම්මන්පිල - බලශක්ති අමාත්‍යාංශය
22.රමේෂ් පතිරණ - වැවිලි අමාත්‍යාංශය
23.ප්‍රසන්න රණතුංග - සංචාරක අමාත්‍යාංශය
24.රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
25.නාමල් රාජපක්ෂ - තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
26.අලි සබ්රි - අධිකරණ අමාත්‍යාංශය
රාජ්‍ය අමාත්‍යවරු
01. චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ
02. ප්‍රියංකර ජයරත්න - විදේශ රැකියා ප්‍රවර්ධන, මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ, රාජ්‍ය ප්‍රතිසංස්කරණ
03. දුමින්ද දිසානායක - සුර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන
04. දයාසිරි ජයසේකර - බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන
05. ලසන්ත අලගියවන්න - සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ
06. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන
07. අරුන්දික ප්‍රනාන්දු - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ
08. නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම්
09. ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන
10. රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන
11. කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන
12. විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු
13. ජානක වක්කුඹුර - උක්, බඩ ඉරිඟු,කජු,ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
14. විජිත බේරුගොඩ - දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල
15. ෂෙහාන් සේමසිංහ - සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන
16. මොහාන් සිල්වා - පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන
17.ලොහාන් රත්වත්ත - මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත
18. දිලුම් අමුණුගම - වාහන නියාමනය , බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත
19. විමලවීර දිසානායක - වනජිවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැළෑ නැවත වගා කිරිම හා වන සම්පත් සංවර්ධන
20. තාරක බාලසුරිය - කලාපීය සහයෝගීතා කටයුතු
21. ඉන්දික අනුරුද්ධ - ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන
22. කංචන විජේසේකර - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරිම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු
23. සනත් නිශාන්ත - ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන
24. සිරිපාල ගම්ලත් - මහවැලි කලාප ආශ්රිත, ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන
25. සරත් වීරසේකර - පළාත් සභා සහ පළාත් පාලන කටයුතු
26. අනුරාධ ජයරත්න - ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන
27. සදාසිවම් වියාලේන්ද්‍රන් - තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන
28. තේනුක විදානගමගේ - ග්‍රාමිය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් සංවර්ධන
29. සිසිර ජයකොඩි - දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය
30. පියල් නිශාන්ත ද සිල්වා - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා
31.ප්‍රසන්න රණවීර - වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන
32.ඩී.වී චානක - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන
33.ඩී.බී.හේරත් - පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්රිත කර්මාන්ත
34. ශෂින්ද්‍ර රාජපක්ෂ - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම
35. නාලක ගොඩහේවා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු
36. ජීවන් තොන්ඩමන් - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්
37. අජිත් නිවාඩ් කබ්රාල් - මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
38. සීතා අරඹේපොළ - නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්
39. චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන
අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ අවස්ථාවේ දී පත් කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් මෙසේය.
01. ප්‍රදීප් උඳුගොඩ - කොළඹ
02. සහන් ප්‍රදීප් - ගම්පහ
03. සංජිව එදිරිමාන්න - කළුතර
04. වසන්ත යාපා බණ්ඩාර - මහනුවර
05.එස් නාලක බණ්ඩාර කෝට්ටේගොඩ - මාතලේ
06.එස් බී දිසානායක - නුවරඑළිය
07. සම්පත් අතුකෝරල - ගාල්ල
08. නිපුණ රණවක - මාතර
09. උපුල් ගලප්පත්ති - හම්බන්තොට
10. අංගජන් රාමනාදන් - යාපනය
11.ඩග්ලස් දේවානන්ද - කිලිනොච්චිය
12. කේ. දිලීපන් - වවුනියාව
13.කේ.කාදර් මස්තාන් - මුලතිව් සහ මන්නාරම
14. ඩී. වීරසිංහ - අම්පාර
15. කපිල අතුකෝරල - ත්‍රිකුණාමලය
16. ගුණපාල රත්නසේකර - කුරුණෑගල
17. අශෝක ප්‍රේමතිලක - පුත්තලම
18. එස් එම් නන්දසේන - අනුරාධපුර
19. අමරකිර්ති අතුකෝරල - පොළොන්නරුව
20. සුදර්ශන දෙනිපිටිය - බදුල්ල
21. කුමාරසිරි රත්නායක - මොනරාගල
22. අකිල එල්ලාවල - රත්නපුර
23. රාජිකා වික්‍රමසිංහ - කෑගල්ල















COMMENTS
අපරාදේ කුරුණෑගල බුවනෙකබා මණ්ඩපයේ කරන්න තිබුණේ...
රටක වැඩ කරන පාලකයෙක් හෝ පාලකයන් වීමට ඔච්චර උත්සව අවශ්‍ය නැත. නමුත් එ්කටත් සුබපතන අතර, අප මහජනතාව වශයෙන් බලාපොරොත්තු වන්නේ පොදුවේ මහජන සුබසිද්ධිය පමණයි. අලුතින් කෝටිගණන් වියදම් කර අතිනවීන නිලරථ වෙනුවට පැවැති නිලරථම යොදාගනු මැනවි. අප කිසිවෙකු දැනුවත් හෝ නොදැනුවත් වුවත් අපේ රට ආර්ථිකයෙන් බොහෝ පහළ මට්ටමක පවතින වකවානුවක අප ජීවත් වන්නේ, ගෝලීය ආර්ථිකයට අපට අභියොග කළ හැකිද? ලෝකය අද ආර්ථිකමය වශයෙන් ඩිජිටල් ඉකොනොමි තත්වයට පත්වී ඇත. ඒ අනුව රටේ පාලකයින් වීමට අද තනතුරු ලබන ඔබ තම තනතුරට තමන් නුසුදුසුනම් ඉවත්ව සද්භාවයෙන් සුදුස්සන්ට අවස්ථාව දෙනු මැනවි.. ඔබලා 225ට වඩා, (ආසන්න වශයෙන්) එක්කෝටි හැත්තෑ ලක්ෂයන් මිනිස්සු බොහෝ දුකසේ ජීවත්වේ. ඒ කටුක ලෝක ඔබට දැනෙන්නේ නැත, රට හමුවේ ඇති තත්වය බුද්ධියෙන් අවබෝධ කරගනු මැනවි...
බලාපොරොත්තු වෙච්චම අමාත්‍යාංශ ටික... නියමයි. යහපාලනයේ තිබිච්ච මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ නැත.
ඉන්දික අනුරුද්ධ මහතාට සුදුසුම අමාත්‍යාංශය ලැබී තියෙනවා. එතුමාගේ ව්‍යාපාර කටයුතු වඩවඩාත් සාර්ථක වේවායි පතමි.
තව 16ක් සහ එක්කෙනෙක් එන්න ඉන්නවනේ..? ඇමැතිවරු 26ක් සහ රාජ්‍ය ඇමැතිවරු 40ක්...
සියලු රාජපක්ෂවරුන්ට තනතුරු... දැන් සැපද?
නිවාස ඉදිකිරීම් කාටද?
අලි සබ්රි... අධිකරණ අමාත්‍ය... මරු...
සරත් වීරසේකර, අලි සබ්රි දෙන්නගේ ඇමතිකම් ගැන පොහොට්ටුවට ඡන්දය දුන් අයට සතුටුයි ද?
මැටි වැඩ ඇමැති ප්‍රසන්න රණවීර... නියමයි. ජයවේවා..!!!
නිල නොවන ඇමැති මණ්ඩල උපදේශක කවුද?
මෛත්‍රීට ඇමතීමක් නැද්ද?
පරණ සෙට් එකටම කැබිනට් තනතුරු දීලා... හොරුන්ට, බාර් කාරයන්ට, බොරුවට කෑ ගහන අයට කෝ විද්වත්තු? සීතා, නාලක වගේ අය ඉන්න ඕනේ කැබිනට් එකේ...
වැසිකිළි සහ කාණු සුද්ද කිරීමට ඇමැති කෙනෙක් පත්කර ගත්තා නම් තවත් හොඳයි.
නාමිකව බුද්ධිමතුන්ට තනතුරු ලබාදී, පරණ හොරු ලංකර ගැනීම. ජනතාව වශයෙන් අවධානයෙන් සිට කවරෙකුට වුවද තමාට වුවමනා පරිදි වැඩ කිරීමට නොදී රට වෙනුවෙන් සිතිය යුතුයි..
නව රජයට උණුසුම් සුබපැතුම්...
‘‘කිරි දෙවින් දෙවියත්... අඟුරු සුදුවන කලෙක නම් නැත්...‘‘ උපුටාගැනීම.. ගුත්තිල කාව්‍යය..
64 ක් ගොඩගියා....
නව අමාත්‍ය මණ්ඩලයට උණුසුම් සුබපැතුම්...!!!
සාම්ප්‍රදායිකව සිතන කොමෙන්ට්ස් ටිකක් තමා වැටිලා තියෙන්නේ. අලුතින් සිතන අය ලංකාවේ බහුල බව ඡන්ද ප්‍රතිඵල වලින් පේනවා. කොහොම නමුත් පන්නා දැමිය යුතු කීප දෙනෙක් ඉතිරිවීම ගැන කණගාටුයි. බහුතරය විසි වුනා. ගෝඨාගේ නව දැක්මක් ඇති බව අමාත්‍යංශ බෙදා වෙන්කර ඇති ආකරයෙන් පැහැදිලියි. මේ පත්වු අයගෙන් කීදෙනෙකුට ගෝඨත් එක්ක එකට යා හැකිදැයි ඉදිරියේදී බලමු.
පුදුම සතුටක් තියෙන්නේ මුළු ලෝකයටම අාදර්ශමත් අැමතිවරු... රට මාස 5ක් යනකොට ගොඩේ ගොඩ...
යූ.එන්.පී එකේ අයට ඇමතිකම් නොලැබුණු එකට සිරිකොතේ රෙදි අපුල්ලන සමහර බත් බැලයින්ට ගොඩක් හිත රිදිලා. අනේ ගෝඨාභය මහත්තයෝ... ඔය යූ.එන්.පී එකේ අයටත් මිදුල අතුගාන, වලං හෝදන වගේ වැඩ ටිකක් දෙන්නකෝ මේකෙ අදහස් දාලා තියෙන සමහර අයගේ හිත සැනසෙන්න...
සීතා අරඹේපොළ එදා වියත්මගේ බෙරිහන් දුන්නු අසරණ රෝගීන්ට බෙහෙත් ටික රසායනාගාර පරීක්ෂණ ලෙඩ්ඩු කාෙරිඩෝව දිගේ නිදාගන්නවා නම් ඒ රටේ සෞඛ්‍ය සේවය කුමකටද කියලා දැන් එයා මාෙකද කියන්නේ? හෙට සිට රාේගින් අැඳන් ලැබි සියළු පරීක්ෂණ රෝහලෙන්ම කරයිනේ...
සබ්රිට අධිකරණ ඇමැතිකම... දෙවියන්ගේම පිහිටයි.
සුදුස්සන්ට සුදුසු තැන ලබාදී තිබෙනවා. නව කැබිනට් අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට මාගේ ගෞරවය හා සුබපැතුම්!!!
බලාපොරොත්තු වූ පරිදිම කැබිනට් මණ්ඩලයේ බොහොමයක් සිටින්නේ ගෝඨාභය ජනපති වූ විගසම පත්කල අමාත්යවරුන්මය. ඒවාද ඒ ඒ අමාත්‍යංශ වලටමයි. කවුරුන් කෙසේ කීවත් ඔවුන් ඒ කාලයේදී සතුටුදායක පරිදි ඒවායේ රාජකාරී ඉටුකිරීම නිසා වෙනසක් කිරීමට අවශ්‍යතාවක් නොතිබුණා විය හැකියි. සිටින්නේ පරණ අයම වුවත් අලුත් නායකත්වයක් යටතේ කටයුතු කරන ආකාරය බලා විවේචන ඉදිරිපත් කිරීම වටී...
අති පූජනීය දළදා වහන්සේට පිටුපෑවා නේද? එහෙනම් මකබෑවිලාම යන්න.
"සුදු ඇඳගෙන කළු ඇවිදින් " සහ " අලි බබා සහ හොරු රැලයි" 20 වන සියවසේ මුල සිට 21 වන සියවසේ මැද හෙවත් අද වනතෙක් ශ්‍රී ලාංකීය දේශපාලනය විසින් බිහිකරන ලද, රැලක්..!!! සුදු හැඳගත් නමුත් " හදවත් කළු " නිදහසට කලින් ණය නැතිව, නිදහසේ සිටි ලක්මව විදේශිකයින්ට උකස් කොට , කොටස් කඩා විකුණා, රටට අවංකවම ආදරේ ඇති සුළුතරයක් සඳහාම නිපදවූ, සත්‍ය කතා පුවතක් රැගත්, සිනමා ද්විත්වය 10 වෙනිදා සිට පෙන්වනු ලැබේ.
ඉනිමග ඕනෑ වෙන්නේ නගින්න විතරයි. නැග්ගට පස්සෙ ඉනිමග මොකටද? සිංහල බෞද්ධයින් වැදගත් වෙන්නේ ඡන්දයට පමණි. ජාත්‍යන්තරව කටයුතු කිරීමේදී සිංහල බෞද්ධයින් වැදගත් නෑ..
උගත්, බුද්ධිමත් අය හලලා මෙලෝ දැනුමක් නැති බොහෝමයක් දෙනාට කැබිනට් ඇමතිකම්. වඩා දක්ශ වීරසේකර මහත්තයාට නිකන්ම නිකන් රාජ්‍ය ඇමති පට්ටමක් විතරයි ! තොරතුරු තාක්ෂණයට කෙනෙක් නෑනේ. ඒක ජනපතිතුමා ගාවම තියාගන්නවා වෙන්න ඕන. එහෙම නම් ගැටලුවක් නෑ..
හරි දුකයි... කෙසෙල්, රඹුටන්, වෙරළු, පැපොල් වලට මන්ත්‍රී කෙනෙක් නැති එකනේ...
කෘෂිකර්ම ඇමති, වැවිලි ඇමති, කුඩා වැවිලි බෝග ඇමති, තේ ඇමති, රබර් පොල් ඇමති, පොහොර ඇමති, පශු සම්පත් ඇමති.. යන විදියට ලංකාව ගොවිතැනින් නම් ස්වයංපෝෂිත වේවි...
නානායක්කාර උන්නැහේට දෙන්නට තිබුනේ වෙන ඇමතිකමක්...
තවම ඇමති මණ්ඩලය පත් කළා විතරයි දැන්ම, සමහර මිනිස්සු වැරදිමයි දකින්නේ හොඳක් දකින්නෙම නැද්ද? පුළුල් විෂය පරාසයන් තුළ ඇමති මණ්ඩලය වැඩිවෙන එක හොඳ නැද්ද? හැමදේටම නාහෙන් නොහඬා සතුටු වෙන්න පුරුදු වෙන්න මිනිසුනේ.. නව ඇමති මණ්ඩලයට සුබපැතුම්!
දැන් ඉතින් රට කිරියෙන්, පැණියෙන් ඉතිරිලා යයි.
අනේ වාසනාවන්, සිරිටත් ගැලපෙන චීත්තයක් මහගත්තැහැකි දැන්...
රට යන අත ගැන හිතාගන්න බැරි වෙන එකක් නැහැ. පරණ හොරුන්, දූෂිතයින්, ආයෙමත් කළඑලි බැහැලා... පුරුදු කෙරුවාවන් ආයෙත් පටන් ගනී වගේ...
අයියෝ සිරිසේන මහත්තයාට මුකුත්ම නැද්ද?
අලි සබ්රි ඇවිල්ලා ෂරියා නීතිය අහෝසි කරලා , මද්රාසා අහෝසි කරලා රටටම එක නීතියක් ගෙනෙයි...
කෝ අනේ අර අලි සබ්රි මහත්තයා දිවුරුම් දෙන පින්තූරය ... ඒක නැහැනේද?
අමාත්‍ය මණ්ඩලය දැක්කම කණගාටුයි. පරණ අයම තමයි. වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය. ඒත් අගමැතිට බලය තියෙන ව්‍යවස්ථාව සංශෝධනය වෙලා ජනාධිපතිට බලතල ලැබුණා. මේ අමාත්‍ය, මණ්ඩලයද සංශෝධනය වේයැයි සිතමි. ඒත් තුනෙන් දෙකේ බලයදුන් ජනතාව අතර ඉන්න තරුණ බුද්ධිමත් පිරිස් කණගාටු වෙනවා නියතයි. ජනාධිපතිතුමනි ජනතාව විශ්වාස කලේ ඔබතුමායි. එබැවින් මේ ඇමති, මන්ත්‍රීවරු පත්වුණා මිස ඔබ ඔවුන් නිසා ජනාධිපති වුණාය කියන මිථ්‍යාවෙන් අයින් වෙන්න. කෙලින් තීරණ ගැනීමට ශක්තිය ලැබේවා...
අපේ රට කවදාවත් දියුණු කරන්න බැරි මේ වගේ පසුගාමී අදහස් තියෙන මිනිස්සු ඉන්න නිසයි. හැමදේම විවේචනය කරනවා ඇරෙන්න අඩුම ගානේ අවුරුද්දක් දෙකක් මේ පිරිස කොහොමද රට පාලනය කරන්නේ කියලා බලලා අදහස් පළ කරන්න. ඇමැතිකමක් ලැබුණා කියලා ඔවුන්ට කරන්න පුළුවන් දේවල් සීමිතයි. හොඳ ලේකම් කෙනෙක් අමාත්‍යාංශවලට පත්කරන එකයි වැදගත්ම දේ.
ඔය ලැයිස්තුවේ ඉන්න 14 දෙනෙකුටම උසාවියේ නඩු වැටිලා තියෙනවා නේද? දැන් ඒ නඩු කල් යනවාද? නිෂ්ප්රභා වෙනවද? දිගටම අහනවද?
ලොක්කෝ දෙන්නගේ පිටිපස්සේ ඉන්න දෙන්නනේ..රටට දෙයියන්ගේම පිහිටයි.... අවුරුද්ද පනින කොටම...
මේ මොන අමාත්‍යාංශද?
ප්‍රසන්න රණවීරට දීලා තියෙ අමාත්‍යාංශය ඉතාම විද්‍යාත්මක පදනමකින් දීලා තියෙන්නේ. මැටි කර්මාන්තය ඉතාම හොඳින් එතුමා කරයි. ඒ වගේම අලි වැට සහ අගල් ඉදි කිරීමටත් අමාත්‍යාංශයක් තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයත් ගැටලුවක් නැහැ. හෙට ඉඳලා වැසිකිළි, කුණු සුද්ද කරන්න, ගොඩගන්න හපොයියෙක් එයි.. ඒත් කෝ අනික් අයට?
වියත්මගට ඇමති තනතුරු අවශ්‍ය නැතුවා වෙන්න ඇති එහෙනම්...
අපි හිතපු ඇමැති මණ්ඩලයද මේ? කෝ එතකොට උගත්තු? පරණ රැළමනේ දැම්මේ... ඔවු ඉතින් අපිමනේ ඡන්දෙන් පත්කරගත්තේ... දැන් සැපද?
එතකොට අපේ ගෙදර ටැංකියේ ඉන්න මාලුන්ටත් ඇමති කෙනෙක්. අනේ.. කොස්වලට, කහවලට, මුරුංගාවලටත් ඇමති කෙනෙක් දාන්නකෝ...
අපරාදෙ මේ ආණ්ඩුවේ සජිත් හිටියා නම් කාන්තා කටයුතු ඇමැති කරන්න තිබුණා...
ජනතා මනාප ඇති බහුතරයකගෙන් පාර්ලිමේන්තු ආපු අයට වැඩකරන්න අවස්ථාවක් නැහැ. කොහේවත් නැති අය ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා හොඳම ඇමතිකමුත් අරගෙන... අපරාදෙ මිනිස්සුන්ගේ කෝටි ගණන් සල්ලි නාස්ති කරලා ඡන්දෙ තියන්නේ. ජනාධිපතිටම පුළුවන් තමන් කැමැති අය පත්කර ගන්න.
මගුල් මඩුවක්, හින්දු කෝවිලක් වගේ සරසලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පිටුපාලා පින්තූර අරන් කළේ මොකක්ද?