IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නව ආණ්ඩුකාරවරු අද දිවුරුම් දෙති

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් ආණ්ඩුකාරවරුන් 9දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද(21) පෙරවරු 8.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.
 
ඒ අනුව, විලී ගමගේ, ටිකිරි කොබ්බෑකඩුව, ඒ.ජේ.එම්.මුසම්මිල්, ගෙවිඳු කුමාරතුංග, සීතා අඹේවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙසේ ආණ්ඩුකාරවරුන් ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් 9දෙනා ජනාධිපති කාර්යාලයේ ඉල්ලීමක් මත ඊයේ(20) ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධූර පුරප්පාඩු වී තිබිණි.
 



අදහස් (13)

නව ආණ්ඩුකාරවරු අද දිවුරුම් දෙති

B. L. RamanayKe Thursday, 21 November 2019 02:54 AM

උණුසුම් සුබපැතුම් විලී ගමගේ මහතා.

:       78       14

Mahee Thursday, 21 November 2019 02:59 AM

පලා බබා ක්‍රමය අහෝසි කෙරෙන්නේ නම් නෑ මේ සම්මජ්ජාතියේදී. ඒ කියන්නේ අපේ බදු මුදල් තවදුරටත් නිකරුනේ නාස්තිවෙනවා.

:       47       339

sharm warn Thursday, 21 November 2019 03:36 AM

මුසම්මිල්. බැක් ඉන් සීට් ... ඒකත් එහෙමද ?

:       7       34

කමලා Thursday, 21 November 2019 03:57 AM

යුතුකම සංවාද කවය දාන කොටම මම දැනගත්තා. අනේ වාසේ.

:       6       34

lankaputha Thursday, 21 November 2019 03:59 AM

කවුද අනිත් 4 දෙනා ?

:       2       1

Tharindu Perera Thursday, 21 November 2019 04:02 AM

පළාත් සභා අහෝසි කරලා ‌කොහොමද? තමන්ගේ ‌ගෝලබාලයින්ට කළගුණ සලකන්න බැරිවෙනවනෙ එහෙම කළොත්. මතකද පහුගිය දවස්වල ‌ගෙවිඳු කුමාරතුංගලා‌ගෙ හැසිරීම. ඒවට ‌හොඳට සලකන්න එපායෑ. මහ‌‌ලොකුවට කෑගැහුවෙ නම් බලයට ආපු ගමන් ‌මේවා අහෝසි කරනවා කියලා. ඉතිං ‌මෙතනින් ම ‌තේරෙනවා ‌නේද ‌මෙයාගෙනුත් ‌මෛත්‍රීට වඩා ‌දෙයක් බලාපොරොත්තු ‌වෙන්න බැරිබව. කමක් නැහැ. ඉවසමු.

:       201       425

anomaThursday, 21 November 2019 04:17 AM

අපිටත් දුකයි හංසයා පැරදීම ගැන

:       37       92

priyal Thursday, 21 November 2019 04:20 AM

ගෙවිදු ආණ්ඩුකාරයෙක් අහෝ! ගෝඨාභය පාලනයට ගොම බිංදුවක්.

:       37       237

Bamunuarachchi Thursday, 21 November 2019 04:39 AM

පළාත් සබා ක්‍රමය අහෝසි කිරීමට නම් 13 වෙනි සංශෝදනයට අනුව කෙරුණ ව්‍යවස්ථා සංශෝදන ඉවත් කෙරෙන්න ඕනේ. එවැනි දෙවල් එක පෑන් පහරින් කරන්න පුළුවන් දේවල් නොවෙයි. ඒවගේම ඉන්දියාවත් ඕවාට අත දානවා. ඔන්න ඔතනදී තමයි දේශපාලන පරිනත භාවය වගේම බුද්ධිමත් ජනාධිපති උපදේශකයින්ගේ අවශ්‍යතාව ඕනේ.

:       3       15

amila Thursday, 21 November 2019 05:03 AM

යහපාලනෙට කඩේ ගිය අය දැන් එනවා ගෝටාට උපදෙස් දෙන්න. අවුරුදු හතරහමාරක් ඔයාලගේ යහපාලන අගමැතියි, ජනාධිපතියි රටට කරපු විනාසේ තමයි අදටත් භුක්ති විඳින්නේ. පාර්ලිමේන්තුව විසුරවන්නත් 2/3 දෙන්නත් යූ. ඇන්.පී. නඩය කොන්දේසි දානවා, ලැජ්ජයි, ගෝටාට පාර්ලිමේන්තුව විසිරුවන්න බලය තිබ්බනම් මෙයාලට පයින් ගහල එලවන්නේ.

:       1       8

විපරමාThursday, 21 November 2019 10:33 AM

අවුරුදු හතර හමාරට කලින් හිටපු පවුල් පාලනේ කරපු හරිය අපි දන්නවා .දේශපාලුවෝ කවදත් කෙරුවෙ ජනතාව ගොනාට අන්දවපු එක.

:       6       0

sampath Thursday, 21 November 2019 10:12 AM

තනතුර නිසා බබළන මිනිස්සු නොවෙයි මිනිස්සු නිසා බබළවන තනතුරු ආකාරයට මිනිස්සු පත් කළ යුතුයි. පත්කරන අය දිහා බැලුවම මොකක්ද මොකක්ද වගෙයි. මොකද අතීත ක්‍රියා අපිට මතකයි. ඇතැම් අයගේ අධ්‍යාපන මට්ටම, පෙර හැසිරීම් ආදිය විවේචනාත්මකයි.

:       0       0

Devinda Uduwara o Friday, 22 November 2019 10:57 PM

මේවාද තේරීම් කමිටු මණ්ඩලයේ අනුමැතියකින් අමාත්‍යාංශ සඳහා සිදුකළ පත්කිරීම්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site