
(ඩයනා උදයංගනී)
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව විභාග සහතික පත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් හෝ නිල ජංගම දුරකථන යෙදවුම වන (Mobil Application) වන DoE වෙත පිවිස මෙම සහතික පත් ලබාගත හැකි බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2001 වසරවල හා ඉන්පසු වර්ෂවල අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවල සහතිකපත් ලබාගැනීම සඳහා මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැකි අතර ඊට පෙර වසරවල සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග මෙන්ම ධර්මාචාර්ය, මූලික පිරිවෙන්, සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාග (GIT) වල සහතික පත් ලබාගැනීමට විද්‍යුත් තැපෑල (e mail) ඔස්සේ අයදුම් කළ හැකි බව එහි සඳහන් වේ.
එමෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා විභාග අංක ලබාගැනීමට ද විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම් කළ හැකි අතර එම විභාගවල අකුරක හෝ දෙකක දෝෂ සහිත නාම සංශෝධනය සඳහා [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම් කළ හැකි අතර සම්මුඛ පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කිරීමට හෝ වෙනත් හදිසි අවශ්‍යතා සඳහා 2001 හා ඊට පසු වසරවල ප්‍රතිඵල සටහනක් රුපියල් 200ක මුදලක් ගෙවා මාර්ගගත ක්‍රමය ඔස්සේ බාගත කරගැනීමට මෙන්ම එම ප්‍රතිඵල සටහනක නිරවද්‍යතාවය නොමිලේ මාර්ගගතව තහවුරු කරගැනීමේ පහසුකම් ද සපයා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
කරුණාකර විශ්ව විද්‍යාලවල උපාධි සහතිකත් ඔය ආකාරයෙන් තැපෑලෙන් නිවසට ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න.. උපාධිය සම්පූර්ණකර වසර එකහමාරකට වැඩි නමුත් තවම එය ලබාගන්න විදිහක් නැති සිසුන් ගොඩක් සිටියි...
මේ ආකාරයට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහතිකත් ගෙන්වා ගැනීමට හැකිද. (දෙමළ වාචික විභාගයේ )
හොඳයි මේක ඇත්තටම...!
අනේ හොඳයි. මළාට දුරකතනයට පිළිතුරු දෙන්නේ නෑනේ. මාර්ගගත ක්‍රමයටම ලැබෙයි...
ප්‍රතිඵල සහතික online ලබාගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.
මම 1997 සාමාන්‍ය පෙල සහතිකයක් ඉල්ලුම් කලා. එය ලැබුනේ නැත
කරුණාකර මට සාමාන්‍ය පෙළ සහතිකේ නමේ අකුරක් වැරැදියි... ඒක හදාගන්න විදිය කියලා දෙන්න. අර විද්‍යුත් ලිපිනයට යවන්න ඕනෑ ලේඛන මොනවාද? දවස් කීයකින් නම නිවැරැදි කරනවද? ස්තුතියි...!
විභාග අංකය හා වර්ෂය නොදැන සහතිකයක් සොයාගත හැකිද?