IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නිවෙස් බිදුම් කළ 4 ක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කහතුඩුව සහ කොහුවල  පොලිස් බල ප්‍රදේශ වල නිවෙස් බිඳුම් 13 ක් සිදුකර  රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපොළ සොරා ගත් සිව්  දෙනෙකුගෙන් යුත් කල්ලිය  අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි 

සැකකරුවන් අතර මීට පෙරද නිවෙස් බිඳුම් ගණනාවකට සම්බන්ධ කහතුඩුවේ " ලාකා"  නැමැත්තා ද සිටින බව පොලිසිය කියයි 

 එම පුද්ගලයන් සොරාගත් දැව කපන යන්ත්‍රයක් ,බර උසුලන යන්ත්‍රයක් ඩ්‍රිල්  යන්ත්‍ර කීපයක් ,යකඩ කපන යන්ත්‍රයක් මෙන්ම තවත් උපකරණ කිහිපයක් සහ සොරකම් වලට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත 

සැකකරුවන් සිව්දෙනා අතර සොරබඩු   මිලදී ගත් පුද්ගලයා  සිටින බවත් පොලිසිය කියයි.ඉකුත් මාස කිහිපය තුළ සැකකරුවන් විසින් කහතුඩුව හා කොහුවල  ඉදි කරමින් පවතින සහ  දැනට පදිංචි නිවාස වලට ඇතුළු වී රන් ආභරණ ,විදුලි උපාංග සොරා ගෙන තිබිණි 

සැකකරුවන් විසින් සොරාගන්නා ලද  රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට පෙන්න එම රන් භාණ්ඩ සොයාගැනීම සඳහා  විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය කියයි 

 

 

 



අදහස් (0)

නිවෙස් බිදුම් කළ 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 259 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site