IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නවසීලන්ත - ශ්‍රී ලංකා සබඳතා තව තරවේ

(තිළිණි ද සිල්වා )

මේ වසර අගදී නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් කොළඹදී විවෘත කෙරෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මෙම මහකොමසාරිස් කාර්යාලය  ඇති කිරීම නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් වන අතරම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්තර්ක්‍රියා සැළකිය යුතු අන්දමින් පුළුල් කෙරෙනු ඇතැයිද එම අමාත්‍යාංශය සදහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු වටයේ විදේශ අමාත්‍යාංශ උපදේශන රැස්වීමක් පෙරේදා (08) දින අන්තර්ජාලය හරහා පැවැත්විණි. විදේශ අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රෝහන අඹගොල්ල මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේ දකුණු හා අග්නිදිග ආසියා අංශයේ ආංශික කළමනාකරු ඇන්ඩෲ නීඩ්ස් මහතා මෙම රැස්වීමේ සම සභාපතිත්වයෙන් මෙය පැවැත්විණී.

අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

වෙළඳ, සංවර්ධන සහයෝගීතාව, ආරක්‍ෂාව, අන්තර් රාජ්‍ය පුද්ගල හුවමාරු, අධ්‍යාපනය සිට ක්‍රීඩාව සහ සංචාරක ව්‍යාපාරය දක්වා වන ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙයට ඇතුළත් විය.

දෙරටේ වෙළඳ හා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සදහා කටයුතු කරන සෑම අංශයකම ද්විපාර්ශ්වික හුවමාරු ඉහළ නැංවීමට ඵලදායී යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට ද දෙරට එකඟ විය.

ජාත්‍යන්තරයේ දී පොදුවේ උනන්දුවක් දක්වන ගැටළු සම්බන්ධයෙන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

 



අදහස් (2)

නවසීලන්ත - ශ්‍රී ලංකා සබඳතා තව තරවේ

Hafeel Saturday, 10 April 2021 07:59 AM

ජැනීව ඇතුළු ජාත්‍යන්තර ඡන්දයක් අාවොත් බලාගන්න පුළුවන් සම්බන්ධතා කොතරම් දුරට තරයිද කියලා...

:       2       19

Perera Saturday, 10 April 2021 11:49 AM

ජාත්‍යන්තර සම්බන්ධතා කොයි හැටි වෙතත් ලංකාවේ කාගේ හරි මඩියක් නම් තරවෙන පාටක් නම් තියෙනවා.

:       7       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site