IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


නිවෙසට බොරු කියා පැරැණි රැකියා කළ කතුන් 10 මාට්ටු

(බී. ජානක)

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් හවුස් ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය ගනිකා මඩමක් වටලා එහි කළමනාකාරිය ඇතුළු කාන්තාවන් දස දෙනකු  අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

එහි කළමනාකාරිනියට කඳාන ප්‍රදේශයෙහි  60 හැවිරිදි පදිංචිකරියකි. සෙසු අනෙක් කාන්තාවන් 27,32,33,41,42,52 යන වයස්වල පසුවන අත්තිඩිය, කැළණිය , ඕපනායක, ගොකරැල්ල , පිලියන්දල, මාතර ,නුවර යන ප්‍රදේශවල පදිංචි විවාහක කාන්තාවන් බව පොලිසිය කියයි.

ගණිකා මඩම පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල මාසකට රුපියල් ලක්ෂ තුනහාමරකට කුලී පදනම මත ලබාගත් ස්ථානයක් බව පොලිසිය පවසයි.

කොළඹ ප්‍රදේශයේ ඉතා උසස් රැකියා කරන බවට එම කතුන් සිට  නිවෙස්වලට පවසා ගනිකා වෘත්තියේ යෙදි ඇතැයි පොලිසිය කියයි ඇත්තේ .

සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

 



අදහස් (10)

නිවෙසට බොරු කියා පැරැණි රැකියා කළ කතුන් 10 මාට්ටු

pradeep Tuesday, 25 January 2022 05:15 PM

පොලිසියට පගාව දුන්නේ නැතිනම් ඉතින් වටලනවා තමයි.

:       2       68

ගමේ එකාලා Tuesday, 25 January 2022 05:29 PM

අපිට තමයි ඔක්කොම කෙනෙහිලිකම්...! ලොකු ලොකු හෝටල් වල, බලපුළුවන් කාරයින් යන තැන්වලට කිසිම අවුලක් නැහැ...

:       13       40

පිටිගල මිලානෝ Tuesday, 25 January 2022 05:51 PM

හොරු නිදැල්ලේ.. මහජන මුදල් හොරාකාලා රේන්ජ් රෝවර්වල යනවාට වැඩිය මේ රැකියාව නම්බුකාරයි. අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහන්න එපා...

:       54       47

SujeewaTuesday, 25 January 2022 07:56 PM

හෙලෝ මිස්ටර් මිලානෝ..! ඔයා ඉතාලියේ ඉඳගෙන කරන්නෙත් මේ රස්සාවමද? පුදුම කමෙන්ට් ඔයා දාන්නේ. ලැජ්ජාවක් නැතිකම...

:       24       37

සංකාWednesday, 26 January 2022 10:10 AM

මෙන්න හොර තක්කඩි දේශපාලුවන්ව සුද්ද කරන තවත් ගැත්තෙක්...පවුල් පාලනේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ට්‍රිලියන ගනම් හොරාකාල අද රට ලෝකෙන්ම හිගමනේ යනවා.අපේ රජ කාලේ ඉදන් සහලෙන් ස්වයන්පොසිතව තිබු ලංකාව අද කට අරගෙන බලන් ඉන්නවා පිටරටින් සහල් එනකන්... මදිද දැන් හොදටම සැපය්.මේ හලෝ...ලජ්ජා නැත්තේ හොරුන්ට කහිණ ඕගොල්ලන්ට මිසක්,ජීවත්වීමට යම් මුදලක් සොයා ගන්න වෙරදරන අහිංසකයන්ට නෙමෙයි

:       1       5

thusita Tuesday, 25 January 2022 07:45 PM

ඔය දේවල් අද බොහෝදෙනා සිදු කරන්නේ ජීවත්වීමට යම් මුදලක් සොයා ගැනීමටයි. මොවුන්ට දඬුවම් නොකළ යුතුයි.

:       27       27

pakeer Tuesday, 25 January 2022 08:23 PM

මෙය නීතිගත කළ යුතුයි. හැමෝම කරන්නේ මොකක්හරි විකුණගෙන කන එක විතරයි. හොඳට බලන්න ඔලුව තියෙන එකා මොලේ විකුණගෙන කනවා. රූපෙ තියෙන කෙනා රූපෙ විකුණගෙන කනවා. ඇඟ පත තියෙන එකා වැඩකරලා සල්ලි හොයනවා. ඉතින් මොකක්ද මේකෙ තියෙන වෙනස?

:       43       27

anura Wednesday, 26 January 2022 10:00 AM

ඇඟපත තියෙන එකා ඇඟ විකුණන් කනවා!!! ලෙස වෙනස් විය යුතුය.

:       0       0

duminda Wednesday, 26 January 2022 09:14 AM

එතකොට දැන් විකුණපු කෙනා තමයි වැරැදි... ගන්න ආපු ඔක්කොම සුද්දවන්තයෝ...!

:       0       0

Wenura Wednesday, 26 January 2022 10:23 AM

බුද්ධකාලයේ බුදුන්වත් මෙවැනි දේ වහා නතර කල යුතුයැයි රජුට චණ්ඩි පාට් දමා නැති බව අමතක කරන්න එපා. එය සමාජ අවශ්‍යතාවයක්.. එවිට යහපත සහ අයහපත සමතුලිතතාවයට පැමිණෙති. විය යුත්තේ එය නියාමනය වීමයි. නීති ගත කිරීම වඩාත් වැදගත් වන්නේ ඒ නිසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 181 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1043 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site