(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවසේ දේපළවලට රුපියල් ලක්ෂ තුන හමාරකට වඩා වැඩි අලාභයක් අනර්ථයක් සිදු කළේ යැයි චෝදනා මත දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන අනුර බණ්ඩාර මහතා බව පොලීසිය කියයි.
කාලයක් තිස්සේ දෙපිරිසක් අතර පවතින පුද්ගලික ගැටුමක් මත නාගරික මන්ත්‍රීවරයා රාත්‍රී කාලයේ මෙම නිවසකට ඇතුළු වී එහි තිබූ ආරක්ෂිත කැමරා පද්ධති කඩා දමා වාහන වලට පහර දී අලාභ හානි සිදුකරමින් සිටින බව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල නාගරික මන්ත්‍රීවරයා වාහන වලට පහර දීම සහ එම නිවසට පහර දීම ආදී ඔහු හැසිරෙන ආකාරය පිළිබඳව ඔවුන්ගේ සීසීටීවී කැමරාවල සටහන් ව ඇති දත්ත සියල්ල පැමිණිලිකරුවන් විසින් පොලීසියට භාර දී තිබේ.මීට පෙරද මෙම දෙපිරස අතර ගැටුම් ඇතිවී ඇති බවත් පොලිසිය කියයි.
සැකකාර නාගරික මන්ත්‍රීවරයාව අද(31) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2542
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිවසට කඩාවැදුණු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට
Bamunuarachchi Thursday, 31 December 2020 07:52 AM
නාගරික මන්ත්‍රී වරෙන්කො අපේ ගෙදරකට.... අනේ මම ඇයි මෙහෙම ලෝකෙක ඉපදුනේ කියලා හිතෙන්න විදිහට මම සලකන්නම්....
Rata Perata Thursday, 31 December 2020 08:06 AM
මෙ වගේ අයට ඡන්දෙ දෙන බයියොත් ඉන්නවනේ. වහාම මන්ත්‍රීකමෙන් අයින් කරන්න.
Prabha Thursday, 31 December 2020 10:21 AM
චණ්ඩියා නම් ගහන්නකෝ පොල්ලක් අරන් ඔය පාරේ වෙළඳාම් කරන චීන්නුන්ටයි, ඉන්දියන්කාරයින්ටයි