IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිවසට කඩාවැදුණු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එම නිවසේ දේපළවලට රුපියල් ලක්ෂ තුන හමාරකට වඩා වැඩි අලාභයක් අනර්ථයක් සිදු කළේ යැයි චෝදනා මත දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
 
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන අනුර බණ්ඩාර මහතා බව පොලීසිය කියයි.
 
කාලයක් තිස්සේ දෙපිරිසක් අතර පවතින පුද්ගලික ගැටුමක් මත නාගරික  මන්ත්‍රීවරයා රාත්‍රී කාලයේ මෙම නිවසකට ඇතුළු වී එහි තිබූ ආරක්ෂිත කැමරා පද්ධති කඩා දමා වාහන වලට පහර දී අලාභ හානි සිදුකරමින් සිටින බව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
 
අදාල නාගරික මන්ත්‍රීවරයා වාහන වලට පහර දීම සහ එම නිවසට පහර දීම ආදී ඔහු හැසිරෙන ආකාරය පිළිබඳව ඔවුන්ගේ සීසීටීවී කැමරාවල සටහන් ව ඇති දත්ත සියල්ල පැමිණිලිකරුවන් විසින් පොලීසියට භාර දී තිබේ.මීට පෙරද මෙම දෙපිරස අතර ගැටුම් ඇතිවී ඇති බවත් පොලිසිය කියයි.
 
සැකකාර  නාගරික මන්ත්‍රීවරයාව අද(31) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.

 



අදහස් (3)

නිවසට කඩාවැදුණු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

Bamunuarachchi Thursday, 31 December 2020 07:52 AM

නාගරික මන්ත්‍රී වරෙන්කො අපේ ගෙදරකට.... අනේ මම ඇයි මෙහෙම ලෝකෙක ඉපදුනේ කියලා හිතෙන්න විදිහට මම සලකන්නම්....

:       1       15

Rata Perata Thursday, 31 December 2020 08:06 AM

මෙ වගේ අයට ඡන්දෙ දෙන බයියොත් ඉන්නවනේ. වහාම මන්ත්‍රීකමෙන් අයින් කරන්න.

:       0       15

Prabha Thursday, 31 December 2020 10:21 AM

චණ්ඩියා නම් ගහන්නකෝ පොල්ලක් අරන් ඔය පාරේ වෙළඳාම් කරන චීන්නුන්ටයි, ඉන්දියන්කාරයින්ටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site