(ජේ.කේ.එල්.චාමින්ද සහ සිරිනිහාල් ගමගේ)
ගාල්ල වඳුරඹ , කොකාවල කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් නිවසේ සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී ඇගේ දරුවන් තිදෙනා සමඟ නිවසේ සිටි ඇති අතර ඔවුන් තිදෙනා නිවසින් එළියට පැන දිවි බේරාගෙන ඇති අතර මව පස් කණ්ඩියට යට වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ කෝකාවල පිලගොඩවත්තේ පදිංචි තිදරු මවක් වන මාබොටුවන විතානගේ ලසන්ති රසිකා (42) නැමැත්තියකි.
මිය ගිය කාන්තාව සිටි නිවසට යාබද පිහිටි නිවසේ සිටි කාන්තාව ද සුළු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd