හෙට(30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අනෙකුත් සියලු ගමනාගමන කටයුතු හෙට දිනයේදී තහනම් වේ.
ඊයේ(28) නිවේදනය කළ පරිදි මැයි 31 දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා දවස පුරා ඇඳිරි නීතිය පැනවේ.

COMMENTS
නූගත් දේශපාලනයේ නිරෝධායන හෙලුව වැසීමට ඇඳිරිනීතියෙන් අමුඩ ගැසීම. හතර විලිලජ්ජාවයි. තවත් ටිකයි.
එක රටක්..එක නීතියක්... පහුගිය ඡන්දෙ කාලෙ එහෙම කිව්වා වගේ මතකයි. කියපු අය කවුරුවත් දැන් හොයාගන්න නැති එකයි ප්‍රශ්නේ.. කමක් නැහැ. ලෝකේ වටේ ගිහින් හිඟාකාලා හරි හෝමාගම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදනවනේ බන්දුල ඇමැතිතුමා.. ඒකට අර ගේන කිරි හරක් 2500 හරි ගාල් කරන්න පුලුවන් වෙයි. සතුටුයි.. සනීපයි..
තොණ්ඩමන්ගේ දේහය අරන් දවස් 6ක් රටවටේ ගිහින් හෙලිකොප්ටර් අරන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරලා, දැන් සෙනසුරාදා මුළු නුවර එළියේ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය දමලා, වතු දෙමළ ඡන්ද ටිකෙන් ඡන්දෙ දිනන්න බැහැ... වතු දෙමළ ඡන්ද 100% තොණ්ඩමන්ලාට ලැබෙන්නේ නැහැ... හැමදාම වතු දෙමළ ජනතාව බිල්ලට දීලා රජකරන එක හැමදාම කරන්න ලැබෙන එකක් නැහැ. මුළු ලංකාවේම ඡන්ද දායකයන් මේවා බලාගෙන ඉන්නේ.... කොරෝනා මර්ධනය කරනවා නම් එ්ක හරියට කරන්න.. නැතිනම් ඇඳිරි නීතිය ඉවත් කරලා දමලා අපට නිදහසේ ඉන්න දෙන්න.. දේශපාලන න්‍යායපත්‍ර වලට කොරෝනා නීතිය නවන්න එපා... හරිම හිරිකිතයි...
අර මරණ ගෙදරට මගුල් ගෙදරකට යනවා වගේ ගිය කට්ටිය නිරෝධායනය කරන්න වෙන්ට ඇති මගේ හිතේ. අනේ අනිච්චං...
අර 225 නිරෝධායන නීතිය කඩකරලා, මිනිය ගිනිච්චා වගේ පොඩි මිනිහත් කරයි කියල බයටද?
නියමයි සනීපයි ස්තුතියි...
ලිවිය යුතු සියලු දේ ඉතා කෙටියෙනුත්, ලස්සනටත් සඳුන් විසින් ලියා ඇත...
සඳුන්... ටයි, සූට් ඇඳගෙන සුද්දට බැන බැන ලෝකය පුරාම ගොස් සිඟාකමින්, කොමිස් ගසමින්, සොරකමින් ඉන්න මිනිස්සු ඇති ජාතියක්නේ අපි... ඉතින් වහල් සංකල්පය තියනතුරු මොනදේවත් හරියට කරන්නට බැහැ.