(අජිත්ලාල් ශාන්තඋදය සහ ආරියරත්න මාමුහේවා)
කෝවිඞ් 19 ආසාදිතයෙක් හමුවීමෙන් පසු, සතියකට වැඩි කාලයක් වසා දමා තිබූ නිවිතිගල මැණික් පොළ නිවිතිගල ප්‍රාදේශීය කෝවිඞ් මර්දන කමිටුවේ උපදෙස් මත අද (17) සිට යළි ව්‍යාපාරික කටයුතු සඳහා නැවත විවෘත කළ බව නිවිතගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.බී.ඩී. සංජීව කුමාර මහතා පැවසුවේය.
එහෙත් කෝවිඞ් ආසාදිතයන් වැඩියෙන් හමුව ඇති රත්නපුර ඇතුලු ආසාදිතයන් වැඩි ප්‍රදේශවලින් ව්‍යාපාරික කටයුතු වලට හෝ මැණික් අලෙවියට නිවිතිගල මැණික් පොළට නොඑන ලෙස ස්වයං වාරණයක් යොදාගන්නැයි කාරුණිකව ඉල්ලන බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කේ.බී.ඩී. සංජීව කුමාර මහතා සඳහන් කළේය.
නිවිතිගල මැණික් පොළේ කළ අහඹු පීසීආර් පරීක්‍ෂණයකින් බේරුවල ප්‍රදේශයෙන් පැමිණි මැණික් ව්‍යාපාරිකයෙක් කෝවිඞ් ආසාදිත බව පසුගිය 06දා තහවුරු විය. පසුව වහාම මැණික් පොළ වසා දැමීමට පියවර ගැනුනි.
දිනපතා උදෑසන 07.00 සිට උදේ 09.30 දක්වා පැය දෙක හමාරක පමණ කාලයක් නිවිතිගල මැණික් පොළ පැවැත්වෙයි. ඇහැලියගොඩ, රත්නපුර, කිරිඇල්ල, පැල්මඩුල්ල, ගොඩකවෙල, කහවත්ත, රක්වාන, ඇඹිලිපිටිය, බළන්ගොඩ ආදී ප්‍රදේශවලින් මෙන්ම බේරුවල ආදී ප්‍රදේශ වලින්ද මැණික් ව්‍යාපාරිකයෝ නිවිතිගල මැණික් පොළට පැමිණෙති. දිනකට මෙම මැණික්පොලේ දහස ඉක්මවූ පිරිසක් සංචරණය වන බව ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය.
නිවිතිගල නගරයේ මැද ප්‍රධාන මාර්ග අවට මෙම මැණික් පොළ ක්‍රියාත්මක වූ අතර සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමේ පහසුව තකා පොදු වෙළඳපොලේ වාහන අංගය තුල මැණික් පොළ යළි ආරම්භකරන බවද ඔහු පැවසුවේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නිවිතිගල මැණික් පොළ යළි විවෘත කරයි