IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිල්වලා ගඟේ ජලය ගංවතුර මට්ටම දක්වා ඉහළට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දින කිහිපයක සිට පැවති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම අද (24) වන විට ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

හේ හේතුවෙන් ගඟ දෙපස පදිංචි ජනතාව ඒ පිළිබදව දැඩි අවධානයකින් සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඉංජිනේරු ආර්.එම්.එම්.ආර්.අලවතුගොඩ මහතාගේ අත්සනින් යුතුව අද (24) උදෑසන 6.00ට නිකුත් කළ නිවේදනයට අනුව ගෙවී ගිය පැය 9 ක කාලය තුළ අකුරැස්ස පානදුගම ජල මාපකයේ අගය 6.92 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එහි සුළු ගංවතුර මට්ටම 6.00 වන අතර මහ ගංවතුර මට්ටම 6.50 වේ.

කෙසේ වෙතත් එම කාලය තුළ වර්ෂාපතනයේ යම් අඩුවක් දැකගන්නට තිබෙන බවත් තවදුරටත් වර්ෂාව පැවතිය හොත් ගඟේ ජලමට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (0)

නිල්වලා ගඟේ ජලය ගංවතුර මට්ටම දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site