(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පාන් කාලක් ගෙන ඒම නිසා එහි අද (11) පස්වරුවේ නොසන්සුන් තත්වයක් ඇතිවිය.
සභාවට ගෙන ආ පාන් කාල සභාවට ප්‍රදර්ශනය කරමින් අදහස් දැක්වු නලින් බණ්ඩාර මහතා පාන් කාලක් අනුභව කර ජීවත් වූ ජනතාවට පාන් මිල ඉහළ යෑම නිසා බඩගින්නේ මිය යෑමට සිදුවී ඇතැයි ප්‍රකාශ කළේය.
අද ජනතාව පාන් කියා ගැනීමට බැරි තත්වයට පත්ව සිටින බවද ඔහු පැවසුවේය.
අද රට පුරා ගෑස් ඉන්ධන කිරිපිටි පෝලිම් ඇති වී තිබෙන හෙයින් මන්ත්‍රීවරුන්ට ගමේ යෑමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
පාන් මිල ඉහළ යෑම නිසා පාන් කාලක් රුපියල් 35 ක් දක්වා වැඩි වනු ඇතැයිද ඔහු කීවේය.
අද රටේ අසාර්ථක පාලනයක් ගොඩනැගී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා මොළ හතක් නොව මොළේ කළඳක් නැති නායකයකු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
නලින් ගෙනා පාන් කාලෙන් මැතිසභයේ උණුසුමක්
lanka Friday, 11 March 2022 05:39 PM
මේ සියල්ලටම මුල රුපියල අවප්‍රමාණය වීමයි. පහුගිය දවස්වල කැරකෙන පුටුවල වාඩිවී රුපියල පා කරන්නට යයි. මොර ගෑ විපක්ෂය සහ ආර්ථික ඔස්තාර්ලා දැන් මේවාට පිළිතුරු දිය යුතුයි.
චමින්ද Friday, 11 March 2022 06:49 PM
විපක්ෂය සහ ආර්ථික ඔස්තාර්ලා නිසා මෙහෙම වුණා කියන්නේ තමා ළදරු පාසලකටවත් නොගිය නිසා කියලා හිතෙනවා. නැත්නම් කිසිම නිෂ්පාදනයක් නොකර සල්ලි අච්චු ගහපු නිසා කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෑ. තම තමන්ගේ නම් අනාගත පරපුරට පේන්න කරන ඉදිකිරීම් නිසාවත් හැමතැනම මාර්ග ඉදිකිරීම් නිසාවත් ආදායම් නැහැ. එහෙම කළාම මෙහෙම වෙනවා.
lankaFriday, 11 March 2022 07:24 PM
සල්ලි අච්චු ගැහුවේ පහුගිය මාසවල... පාන්වල මිල ඉහළ ගියේ අද...!
KeerthiFriday, 11 March 2022 07:11 PM
ඔයාට නම් ආර්ථික පාඩම් කියලා දීලා තියෙන්නේ කබ්‍රාල් වගේ...!
පොඩිවිජේFriday, 11 March 2022 07:44 PM
තවම රාජපක්ෂලාට ආවඩන අය ඉන්නවානේ...!
ජුණ්ඩප්පුවාSaturday, 12 March 2022 09:16 AM
කසිප්පු කාලක් ගෙනත් නැද්ද? ගෙනත් තියෙන්නේ පාන් විතරද? ඉතිං අපට පාන්ද?
Lalith M Saturday, 12 March 2022 08:24 PM
අහලා නැතිව ඇති බීපුවාම තැපෑලෙන් වදින රට බීම. ඒ වගේ තමයි ආර්ථිකය. අද මේ විඳවන්නේ 2005-2015 කාලේ ගත්තු වාණිජ ණයවල විපාක සහ ගසාකෑමේ ප්‍රතිඵලය... ඉස්කෝලෙකටවත් හරියට ගියේ නැති කෙනෙක් මුදල් ඇමතිවීමේ ඵලය තමයි...
ජුණ්ඩප්පුවාSunday, 13 March 2022 05:45 PM
ජේ.ආර්.ගෙ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ගැන කියා දුන්නේ නැතෙයි?
චින්තක Friday, 11 March 2022 07:01 PM
අහෝ මෙහෙමත් මෝඩ වැඩක්.. පසුගිය දිනක පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කිරි නැහැ කියලා අඬපු අයට පාන් පෙන්නුවාම කෑගහනවා තමයි... මොකද ඔවුන්ට පාන් කන්න බැහැනේ. කෑගහන අය අතරේ දිනේෂ් ඇමැතිවරයා ඉන්නවා නේද කියලා බලන්න. එයා ඔහොම දේවල් වලට රුසියා...
කුවේට් කාන්ති Friday, 11 March 2022 07:04 PM
හොරකමට උපන් බෑ කියකිය සිල් ගත්ත කෙනෙකුයි, සල්ලි අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නෑ කියපු කෙනෙකුයි කරපු හරියක්...!
Bunny Preena Saturday, 12 March 2022 09:15 AM
ඔය දේශපාලුවන්ගේ නරි නාටක බලලා අපිට හොඳටම එපා වෙලා තියෙන්නේ... ඔක්කෝලාම මකබෑවිලා යන්න තමයි කියන්න තියෙන්නේ...
Bamunuarachchi Saturday, 12 March 2022 12:55 PM
මෙයා පාන්වල මිල දැකලා තිබෙන්නේ ඊයේ පෙරේදා... හලෝ පාන් ගෙඩිය සත 25ට තිබුණු කාලෙකුත් තිබුණා. සත 25ට තිබිලා පාන් ගෙඩියේ මිල එකපාරටම රුපියල් 110 ට නැග්ගේ නැහැ....
පොඩි මහත්තෙයාSaturday, 12 March 2022 06:12 PM
පාන් මිල 1994 දී තුනයි පනහට බැස්සුවේ නැත්නම් 110 වෙන්න තිබුණේ බොහෝ කලකට පෙර කියලා නොතේරෙන හැටි..!
BamunuarachchiMonday, 14 March 2022 10:00 AM
ඉස්සෙල්ල මම කියන දේ තේරුම් ගන්න. මම පාන්වල මිල කවදා වැඩි වුණාද කියලා කතාකලේ නැහැ...!