( සඳරු බණ්ඩාර සහ වසන්ත චන්ද්‍රපාල )
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්ස්කා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ දේශපාලනික වශයෙන් කිට්ටු සබඳතා පැවැත්වු බව දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරලීමේ කුමන්ත්‍රණයේ නාලක ද සිල්වා මහතා සමඟ පිටුපස සිටින්නේ සරත් ෆොන්සේකා මහතා බව තමා දන්නා නමුත් ඒ පිළිබඳ හරි හැටි ඔප්පු කිරීම සඳහා සාක්කි නොමැති නිසා තමා නිහඬව සිටින බවත් ඔහු සඳහන් කළේය.
නාමල් කුමාර මහතා මේ බව පැවසුයේ අම්පාර මහඔය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මේ පිළිබඳව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශයක් ලබා දී ඇති බවත් ඒ ගැන සරත් ෆොන්සේකා මහතා නොදන්නා බවත් පැවසු නාමල් කුමාර මහතා සඳහන් කළේ ඒ ගැන නොදන්නා ෆොන්සේකා මහතා මේ දිනවල නිකුත් කරන ප්‍රකාශවලින් ඒ සබඳතා පිළිබඳ සැබෑ ලෙස පිළිඹිඹු වන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් කුමාර මහතා සඳහන් කළේ මේ පිළිබඳව සරත් ෆොන්සේකා මහතා තමාගෙන් විමසීමක් කළහොත් ඊට පිළිතුරු නොදෙන බවත් ජනාධිපතිවරයා තමාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළහොත් පමණක් ඊට පිළිතුරු දෙන බවයි. එසේ නොමැතිව සාක්කි නොමැති දේවල් පවසා තමා සිරගත වීමට සුදානම් නොමැති බවද හෙතෙම පැවසීය.
තුෂාර පීරිස් නැමැත්තා ප්‍රංශයේ සිට ලංකාවට ආයුධ ගෙන්වමින් රාජ්‍ය විරෝධි ක්‍රියාවක නිරත වීමට යන බව තමා පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් පසු ඒ වෙනුවෙන් පොලිස්පතිවරයා විසින් තමාට නාලක ද සිල්වා හඳුන්වා දුන් බවත් , පසුව නාලක සිල්වා මහතා එම සිදුවිම් සඳහා තමා භාවිත කිරීමට උත්සාහ කළ බවත් නාමල්කුමාර මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

(ඡායාරූපය - සඳරු බණ්ඩාර )
( වීඩියෝ - වසන්ත චන්ද්‍රපාල )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඒ පිළිබඳ හරි හැටි ඔප්පු කිරීම සඳහා සාක්කි නොමැති නිසා මම නිහඬව සිටිනවා " කියල ඒ කතාව සම්පුර්ණයෙන්ම මාධ්‍යයට කියන එකත් හරියට අර එක්තරා දේශපාලඥයෙක් ප්‍රසිද්ධ රැස්වීමකදී ශබ්ද විකාශන යන්ත්‍රයෙන් දෙනෝ දාහකට ඇහෙන්න " මම මේ කියන්නේ කවුරුවත් දන්නේ නැති ලොකු රහසක්. එනිසා මේක කාටවත් කියන්න නම් එපා" කියල කීවා යැයි කියන කතාව වැනි අන්දරයක් වගෙයි පෙනෙන්නේ.
සුපිරි මෙගා ටෙලියක් , ජනාධිපතිතුමනි දැන් නියම වෙිලාව අර දෙපැත්ත කැපෙන කඩුව අරගන්න කොටාගෙන කොටාගෙන යමු මෙි සෙට් එකටම එක්කො මෙි විහිලු නවත්වන්න නැත්නමි මුන් දෙන්නා ම අත්අඩංගුවට අරන් ඉදිරි කටයුතු කරන්න. බැරිනම එහෙම කරන්න ඔය තනතුරින් ඇති වැඩෙි කුමක්ද ..? ජනාතාවට තවදුරටත් විහිලු සපයන ආණ්ඩුවක් අවශ්‍ය නැහැ....... ජනතාවට තියෙන්නේ එදිනෙදා ජීවත් වීමෙහි ගැටලුවයි. කොමඩිලන්තයක් කරන්න එපා මෙි මාතෘභූමිය...
මේ පොලිස් ඔත්තුකරුවා පවසන සියලු දේ ඒ අයුරින්ම පිළිනොගෙන මොහු ගැනද සැකයෙන් බලා නව මංපෙත් ඔස්සේ පරීක්ෂණ කල යුතුයි. ඔය කියන නාලක සිල්වා තමන් පමණක් අමාරුවේ වැටෙන්න මෙයාට මේ වගේ දේවල් නිකම්ම කියාවිද ? මොහු කැමැත්තෙන් මේ වැඩේට සහභාගිවී නාලක පිටින් පමණක් යැව්වාද දන්නේ නැහැ. සරත් පොන්සේකා සම්බන්ධලු. ඒත් ඔප්පුකරන්න සාක්ෂි නැතිලු. මොහුත් සමඟ රට නොදන්නා වෙනත් රහසිගත වැඩ පිළිවෙලක් තියෙනවා වෙන්නට පුළුවන්. අපේ රහස් පොලීසිය මේ ගැටලුවේ සුල මුල නිවැරදිව සොයා ගනීවි. එය අපට විශ්වාසයි.
කුඹියෝ 2 ලගදීම
ඇත්තටම කවුද මේ...........
මෙයාට දැන් අංගොඩ ඇඩ්මිට් වෙන්න කාලේ හරි.
මොනවාද මේ කියන්නේ? ෆොන්සේකා හා නාලක සිල්වා අතර මේ කුමන්ත්‍රණය පිළිබඳව සබඳතා තිබුණලු. ඒ පිළිබඳව ෆොන්සේකා නොදන්නා බවත්????
ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව මෙයා හරහා වෙන පැත්තට හරවනවා. නමුත් රටේ ප්‍රශ්නවල් යටපත් කරන්න උත්සාහ කරනවා.
පොලිස් ඔත්තු කරුවෙක් කියන්නේ යම්කිසි නීති විරෝධී වැඩක් සිද්ධ වෙනවා නම් මේ පිළිබඳව නීතිය දැනුවත් කිරීමක් කරන පුද්ගලයෙකුට.. මෙවැනි පුද්ගලයෙක් එක්ක ගනදෙනු කිරීමේදී පරෙස්සම් වි යුතුයි. හේතුව මොහුට දෙපැත්තටම ඔත්තු ලබාදීමට ඇති හැකියාව නිසා... මුදලට ඔත්තු ලබාදෙන පුද්ගලයා ඉතාම භයානක පුද්ගලයෙක්... කරුණා අම්මාන් යුද්ධයට දිනන්න අවශ්‍ය ඔත්තු ලබාදුන්නු පුද්ගලයෙක්... නමුත් කවදාවත් ඔහු කිසිකෙනෙක් පාවාදෙන්නෙක් වුනේ නැහැ. නාලක සිල්වා දෙවියන්ට ස්තුති කරන්ට ඕනේ තමා ජීවතුන් අතර ඉන්න එකට... වෙන ආණ්ඩුවක් තිබුනානම් අද නාලක සිල්වා නැහැ.
මේක තෙල් මිල ජිවන බර වැඩි වීම වැනි ප්‍රශ්න යට ගහන්න කරන අලුත්ම මෙගා නාටකයක් බව පෙනෙන්නේ නැද්ද ?