(නිමන්ති රණසිංහ)
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.
අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බලමින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ ඇප සම්බන්ධයෙන් ලිඛිත දේශන එදිනට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්