IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිරෝධායන බස් දෙකක් ටිපරයක ගැටෙයි

 

(ක.ග.කරුණාරත්න)

විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් පිරිසක් නිරෝධායනය සඳහා කන්දකාඩුව සහ පුනානී නිරෝධායන මධ්‍යස්ථාන වෙත බස් රථ 9 කින්  රැගෙන යමින්  සිටියදී බස් රථ දෙකක් අද (11) පොලොන්නරුව නගරයේ මාර්ගය අසළ නවතා තිබූ ටිපර් රථයක ගැටී අනතුරකට ලක්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

අනතුරින් බස් රථවල ගමන් ගත් කාන්තාවක සහ තවත් අයෙකු තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ  අබුඩාබි සිට පැමිණි රත්මලාන,මාලිගාපාර,රොටරිපුර පදිංචි 60 හැවිරිදි කාන්තාවක සහ  ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි අම්බලන්ගොඩ,තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

ඔවුහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති.



අදහස් (0)

නිරෝධායන බස් දෙකක් ටිපරයක ගැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site