(සුජිත් හේවාජුලිගේ )
නිරෝධායන පනත වෙනස් කිරීමට අදාළව විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයට ලැබී ඇති සහ ලැබෙන යෝජනා පුළුල්ව අධ්‍යයනය කරන බවයි.
ශ්‍රී ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක වන්නේ 1897 වර්ෂයේදී සකස් කෙරුණු පැරණි නිරෝධායන පනත් කෙටුම්පතකි.
කෙසේ වෙතත් අවශ්‍යතා පරිදි එම පනතට අදාලව විවිධ රෙගුලාසි වරින් වර හඳුන්වා දී ඇතැයිද මූලික පනත වෙනස් කරන්නේ නම් එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුකූලව කළ යුතු වන්නේ යැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය .
මේ අතර නිරෝධායන ආඥා පනත සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ වලින් මෙන්ම සිවිල් හා බහුජන සංවිධාන වලින්ද විවිධ චෝදනා එල්ල වී ඇත .
එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රටේ දැනට ක්‍රියාත්මක වන නිරෝධායන පනත වෙනස් කළ යුතු යැයි පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේය.
මේ අතර මේ රටේ ක්‍රියාත්මක වන නිරෝධායනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් විනා දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා කිරීම නොකළ යුතු බවයි.
ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමද බලහත්කාරී මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් එය ඇප මත නිදහස් කළ අධිකරණයටද කරන අපහාසයක් බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි .
COMMENTS
සුද්දා ඇවිල්ලා අායෙමත් ගහලා යනවා.. උන්ගේ නීති මෙහෙ උන් අවභාවිතා කරන හැටි දැක්කාම...
රජය කළ යුතු පළමු දෙය: 1. වර්ජනය කිරීමට ඉඩ නොදෙන්න. 2 .සෞඛ්‍ය සේවාවන්හි සියලුම වෘත්තීය සමිති සම්බන්ධ කර ඇත.
අනේ මන්දා..!!! කොරෝනා බොරුව යන දුරක්... නඩුත් හාමුදුරුවන්ගේ., බඩුත් හාමුදුරුවන්ගේ..!