
(රංජිත් රාජපක්ෂ)
සෞඛ්‍ය අංශ වලින් අනුමැතිය සහ උපදෙස් ලබා නොගෙන ශ්‍රී ලංකා වෟත්තිය පුහුණු අධිකාරිය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ තරුණියන් විශාල පිරිසක් සහභාගි කරගනිමින් නොර්වුඩ් ක්‍රිඩාංගණයේ අද (20) වෘත්තිය පුහුණු පාඨමාලාවන් සඳහා වතුකරයේ තරුණියන් බඳවා ගැනීමේ වැඩසටහනක් නතර කිරීමට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ.චන්ද්‍රරාජන් මහතා කටයුතු කළේය.
ස්වයං රැකියා පාඨමාලාවන් සඳහා තරුණියන් බඳවා ගැනීමේ වැඩසටහන අද (20) නෝර්වුඩ් ක්‍රිඩාංගණයේ පැවැත්වීම සඳහා තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් කිසිඳු අවසරයක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ලබාගෙන නොමැති බව නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත පැමිණි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
ඒ අනුව නොර්වුඩ් පොලිස් නිලධාරින්ගේද සහයෝගය ඇතුව නෝර්වුඩ් ක්‍රිඩාංගණය වෙත පැමිණි සිටි පිරිස විසුරුවා හැරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කළේය.
නුවරඑලිය, තලවාකැලේ, ඩයගම, හැටන්, මස්කෙලිය, බගවන්තලාව යන ප්‍රදේශවලින් මෙම පාඨමලාවන්වලට ඇතුළත්වීම සඳහා වතුකරයේ තරුණියන් 1000කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.
වෘත්තීය පුහුණු පාඨමලාවන් සඳහා සහභාගි වීමට පැමිණි වතුකරයේ තරුණියන්ව කිසිඳු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් ක්‍රීඩාංගණය තුළට ඇතුල් කර ගැනීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරින් විසින් කටයුතු කර තිබිණි.


COMMENTS
ඔව් දැන් ඉතින් කියන්න පුළුවන් අපි වතුකරයේ තරුණියන්ට රැකියා ලබාදෙන්න ගියා... කොහෙද මේ දොස්තර මහත්තුරු පී.එච්.අයි. මහත්තුරු එකතුවෙලා වැඩේ නැවැත්තුවානේ..