
(එම්.කේ. නන්දසේන)
දුරබැහැර බන්ධනාගාරවල සිට නිදහස් කිරීමට නිර්දේශිත රැඳවියන් 95 දෙනෙකු නිරෝධායනය සඳහා වීරවිල එළිමහන් සිර කදවුර වෙත රැගෙනවිත් සිටියදී ඉන් 6දෙනෙක් ඔවුන්ගේ නිවෙස් වෙත යවන ලෙස ඉල්ලා සිටිමින් අද (08) උදෑසන සිට ආහාර ලබා ගැනීමේ වර්ජනයක නිරතව සිටිති.
අධිකරණ මගින් ඇප මත මුදා හැර ඇති මෙම රැඳවියන් 95 දෙනා දින 14ක් නිරෝධායනයට ලක් කිරීමෙන් පසු නැවත කොළඹට රැගෙන ගොස් මුදා හැරීමට කටයුතු යොදා තිබිණ. මෙම රැඳවියන් පිරිස නිරෝධායන කාලය අවසන් වීමට දින දෙකකට පෙර දී එනම් ඉකුත් 05 දා, තිස්සමහාරාම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි ප්‍රභාත් ලියනආරච්චි මහතා විසින් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇති අතර එම පිරිසෙන් 46 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වාර්තා ලැබී ඇත. හඳුනා ගත් මෙම අසාදිත පිරිස ඊයේ (07දා) පස්වරුවේම පොළොන්නරුව ගල් ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවද පැවසේ.
එම පිරිස නිවෙස් වෙත ගියහොත් පවුල් සාමාජිකයින් ඇතුළු ඥාති හිතවතුන් හටද වයිරසය පැතිරිය හැකි බවට සෞඛ්‍ය නිලධාරීහු සැක පහළ කරති.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරෝධායනයේ සිටින රැඳවියෝ 6 ක් ආහාර වර්ජනයක