ඩයනා උදයංගනී
නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙම්න් පවතින නිසා ඉදිරි දිනවලදීත් දිවයිනේ නිරිත දිග කලාපයෙහි වැසි තත්වය තදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතුම් ස්ථාන වල වැමි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
විශේෂයෙන්ම කලුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල මිලිමීටර් 75 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
දිවයින හරහා පැයට කිලෝමීයර් 40 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී අකුණු අනතුරු ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.