(+++ රන්ජන් කස්තුරි)
නොරොච්චෝල ගල් අගුරු බලාගාරය රුපියල් කෝටි 69 ක් ගෙවා මාස තුනක පමණ කාලයක් තිස්සෙ අලුත්වැඩියා කළද යළි ආරම්භ කොට දින 10කින් එය නැවත ක්‍රියා විරහිත වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ පළමු අදියරේ මෙගාවොට් 300 ක විදුලි ජනන යන්ත්‍රය ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිට නතර කර මාස තුනක් තිස්සේ අලුත්වැඩියා කළ අතර මෙම මස 04 වැනි දින යළි ක්‍රියාත්මක කෙරිණි.
එහෙත් එම බලාගාරය මෙම මස 14 වැනි දින නැවත ක්‍රියාවිරහිත වී තිබේ.
එම අලුත්වැඩියා කටයුතු සඳහා චීන සමාගමකට ලංකා විදුලිබල මණ්ඩලය ඩොලර් මිලියන 3.8 ක මුදලක් ගෙවා ඇතැයි එම ආරංචි මාරග සඳහන් කළේය.
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ මෙගාවොට් 300 ක එම ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා අතිරේකව ගිගාවොට් පැය 6 ක විදුලියක් ජනනය කිරීම ජල විදුපි බලාගාරවලින් කෙරෙන බවද ලංවිම ආරංචි මාර්ග කියයි.
මේ අතර දැඩි වියළි කාලගුණ තත්වය නිසා ප්‍රධාන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රෙයන් පහත වැටෙමින් තිබෙන බවද එම ආරංචි මාර්ග පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බලාගාරය හදපු දා ඉඳලා වැඩ කළ කාලයට වඩා වහලා තිබුණු කාලය වැඩියි. මෙම බලාගාරය හදන්න අනුමැතිය දුන්න අය මේකට වගකිව යුතුයි.
හොඳ වැඩේ. ඔය චීනෙන් ගලවපු කිසි ප්‍රමිතියක් නැති යන්ත්‍රය අටවපු අයමනේ දැන් බලයේ ඉන්නේ... දැන් තියෙන්නේ ඔය මගුලට පැට්‍රල් ටිකක් දාලා ඉවරයක් කරලා දාන්න. හදනවා කෙළවරකුත් නෑ, කැඩෙනවා කෙළවරකුත් නෑ. ඕකට කෝටි 1500ක් ණය ගෙවලා මිනිස්සුන්ට පණ ගිහිල්ලයි තියෙන්නේ...
කොමිස් මුදල්වල ප්‍රතිඵල තමයි ඔය...
ජල මට්ටම සීඝ්‍රයෙන් බැසීමට හේතුව නියඟය නොවේනේ...! ඉන්ධන ලබානොදීම සහ නොරොච්චෝලේ ප්‍රශ්නය නිසා ජල විදුලි ජනනය වැඩි වීමේනේ ජල මට්ටම ඔයතරම් බැස තිබෙන්නේ... බොරුවෙන් රට පිරිහේවිනේ...
හැදිල්ලෙත් හොඳ ගැහිල්ලක් තියන බව දන්නෝ දනිති. විදුලිබල මණ්ඩලේ කට්ටිය හොදට ගසා කමු. අපි රටේ බදු ගෙවන ජනතාව පටි තදකරගෙන කළුවරේ ඉන්නම් මේ 2020 වසර ගල් යුගයේ නොවේ. ඒකට මොකද මෙච්චර පොඩි දූපතකට නොකඩවා විදුලිය දී ගන්න බැහැ. කොපමණ නම් සූර්ය බල ශක්ති සහ කුඩා බලාගාර සඳහා සමිති සහ සමාගම් අවසර ඉල්ලුවද..? දෙන්නේ නැහැ මොන ආණ්ඩුව ආවත් ඒවා කඩාකප්පල් කරනවා. ගැහිල්ලේ රස දන්නේ ගහන අයනේ...
ඔය මගුල කූල් වෙන්නත් දවස් ගානක් යනවලුනේ... ඉතින් ආයේ රෙපෙයාර් කරන්නත් සෑහෙන කාලයක් යාවි. මට හිතෙන්නේ අපි දැන්ම ලැස්ති වුණොත් හොඳයි. අප්‍රේල් වෙනකොට වැස්සේ නැතොත් මාස ගාණක් කරන්ට් කැපිල්ල තියේවි...!!!
අපේ නඩය විශ්වාස කරන්න බෑ.. ඕකේ නඩත්තුව චීනෙට මදි. යුනිට් ගානට ඔවුන්ට ගෙවමු.. මේ ඔක්කොම රට කාලා සල්ලි අරගෙන රට යනවා. කෙලවෙන්නේ හරක් වගේ ඉන්න අපටයි...
මේක ක්‍රියාවිරහිත වූ වාර්තා හැම එකකම වගේ හේතුව සටහන් වුණේ කවුරුන් හෝ උවමනාවෙන්ම මුහුදු වතුර ටර්බයින් තුළට ඇතුල් කිරීම කියලා... මේකෙ ඇත්ත බොරුව පැහැදිලි වෙනවා මහින්ද රාජපක්ෂ සමයේ මේක නිතරම ක්‍රියාවිරහිත වීමත් සිරිසේන සමයේ ෂෙඩියුල්ට් බ්‍රේක්ඩවුන් පමණක් සිදුවීමත් මත... මට හිතෙන්නේ මේකටත් උත්තරේ රතු අලි ළග ඇති...
දැන් ඔය මාස තුනකට ඉස්සෙල්ලා කැඩුනේ මොකක්ද? නැතිනම් වාර්ෂික නඩත්තු කටයුතුද? කොයි යකා කළත් ඔය මණ්ඩලේ පුටු රත් කර කර ඉන්නා උදවියට මොලේ කියලා කලඳක් තිබුනානම් වැඩ කටයුතු අදියරෙන් අදියරට පරීක්ෂා කරන්න තිබුනා නේද? ජාත්‍යන්තර ප්‍රමිතියන්ට අනුව වැඩ කටයුතු කෙරෙනවාද? නැද්ද? කියලා. නමට අගින් අකුරු ටිකක් තිබුනාම විතරක් මදි. ඒ අකුරුවලට සරිලනසේ ක්‍රියාවන්දළයුතුවේ. වැඩ බැරිනම් ගෙදර හිටියාම ඇති. අර ඔය මණ්ඩලේම ඉන්නා හොඳට වැඩට දක්ෂ බාසුන්නැහේලා කීපදෙනෙක් දැම්මානම් තඩි බඩකුයි ඔලුවකුයි තියෙනා උන්ට වැඩිය හොඳට සැලකිල්ලෙන් බලලා යන්ත්‍ර ටික හරියට දුවවයි. අපිට කරදරයක් නැතිව විදුලිය ලැබෙයි.
ඕකටත් කොරෝනා බෝවෙලා ඇති...
මොන බම්බුවකට චීනුන්ට වැඩ බාර දෙනවද මන්දා...? චීන්නු කොරෝනාවලින්ම කොරවෙලා යනවා නම් හොඳයි. රෙපයාර් වලට යන මුදලත් බැලුවම යුරෝපීය රටකට ඔය කොන්තරාත්තුව දුන්නා නම් හොඳයි...
කැඩෙනවා නොවේ ඕක කඩනවා.. එතකොට තමයි ඒ වෙනුවට පෞද්ගලික බලාගාර අයිති අයට ඒවායින් විදුලිය රජයට විකුණාගන්න හමු වෙන්නේ. හැමෝටම කීය කීය හරි දීලා කරන වැඩ ඕවා. එ විතරක් නෙවෙයි ජල විදුලි බලාගාර වලත් වතුර යවන්නත් සල්ලි විසි කරනවා....