(ජේ.කේ.එල්. චාමින්ද)
කැඩිගිය සරුංගලයක නයිලොන් නුලක් ධාවනය වූ යතුරු පැදියක පැටලි එහි ගමන් ගත් මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් යතුරුපැදිය පැදවු පියා සහ හය හැවිරිදි දරුවකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව රත්ගම පොලීසිය පවසයි.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස පිටිවැල්ල නිපුන නාවික හමුදාකදවුර අසලදි මෙම අනතුර වි ඇත. කැඩිගිය සරුංගලයේ නයිලොන් නුල පාර හරහා තිබි ඇති අතර එය යතුරුපැදිකරු එය අතින් අල්ලා ඉවත්කිරිමට යාමේ දි යතුරුපැදිය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලිගොස් ඇති බව පොලීස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
යතුරුපැදිකරු තම දරු දෙදෙනා හා බිරිද සමග ත මව්පියන් බැලිම සදහා ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන්කරමින් සිටියදි මෙකි අනතුරට ලක්ව ඇත.
මෙම අනතුරෙන් සුදසිංහලියනගේ මේනකා ප්‍රසාදනි (34) අනතුර වු ස්ථානයේදිම මියගොස් ඇති අතර වයස අවුරුදු එකයි මාස 06ක් වියැති හින්දෙනියගේ අනුක රන්දුල නැමති දරුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත. මොවුන් ගිංතොට පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නයිලෝන් නූලෙන් ආ මරුවා මවත් සිඟිති පුතාත් ඩැහැ ගනී
Karl Sunday, 18 July 2021 09:05 AM
මේ හැම දුකක්ම දුප්පතුන්ටම වෙන හැටි... කුඩු කාරයින්, ස්ත්‍රී දූෂකයින්, දූෂිත දේශපාලුවන්ට කිසිම කරදරයක් වෙන්නෑ... නිවන් සැප ලැබේවා!..
Sam Sunday, 18 July 2021 09:19 AM
තමුන්ගේ සහ අනුන්ගේ ආරක්ෂාව සපයන්න තමුන්ට ඇති වගකීම ගැන ප්‍රායෝගිකව පහළ බාලාංශයේ ඉඳලා උගන්වන්න ඕනේ... මේ දෙය හරියටම කරන්නේ නාවික ක්ෂේත්‍රයේ, තෙල් හා ගෑස් ක්ෂේත්‍රයේ ගුවන්, නාවික, යුද හමුදා... වල. මේක හරියට මන්තරයක් වගේ හැමදාම උලුප්පලා ගන්න ඕනේ... මිනිස්සුන්ට ඒ ගැන වගකීමක් දෙන්න ඕනේ. එහෙම කරා නම් කෝවිඩ් ප්‍රශ්නෙත් මේ තරම් දුරදිග යන්නේ නැහැ. අපේ මිනිස්සු අනුන්ගේ ආරක්ෂාව ගැන නම් හිතන්නෙම නැති තරම්...
RaveendraSunday, 18 July 2021 11:01 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. අනිත් එකාට හෙන වැදුණාට කමක් නැත.. අපි පමණක් ජීවත්වෙමු... පුරවැසියන්ගේ වගකීම පිළිබඳව කිසිවක් නොදන්නා, හිතාමතා අමතක කරන පුරවැසියන් සිටින ලෝකයේ එකම රට අපේ රට පමණක් නොවේද?