(ජේ.කේ.එල්. චාමින්ද)
කැඩිගිය සරුංගලයක නයිලොන් නුලක් ධාවනය වූ යතුරු පැදියක පැටලි එහි ගමන් ගත් මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් යතුරුපැදිය පැදවු පියා සහ හය හැවිරිදි දරුවකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව රත්ගම පොලීසිය පවසයි.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස පිටිවැල්ල නිපුන නාවික හමුදාකදවුර අසලදි මෙම අනතුර වි ඇත. කැඩිගිය සරුංගලයේ නයිලොන් නුල පාර හරහා තිබි ඇති අතර එය යතුරුපැදිකරු එය අතින් අල්ලා ඉවත්කිරිමට යාමේ දි යතුරුපැදිය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලිගොස් ඇති බව පොලීස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
යතුරුපැදිකරු තම දරු දෙදෙනා හා බිරිද සමග ත මව්පියන් බැලිම සදහා ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන්කරමින් සිටියදි මෙකි අනතුරට ලක්ව ඇත.
මෙම අනතුරෙන් සුදසිංහලියනගේ මේනකා ප්‍රසාදනි (34) අනතුර වු ස්ථානයේදිම මියගොස් ඇති අතර වයස අවුරුදු එකයි මාස 06ක් වියැති හින්දෙනියගේ අනුක රන්දුල නැමති දරුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත. මොවුන් ගිංතොට පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම දුකක්ම දුප්පතුන්ටම වෙන හැටි... කුඩු කාරයින්, ස්ත්‍රී දූෂකයින්, දූෂිත දේශපාලුවන්ට කිසිම කරදරයක් වෙන්නෑ... නිවන් සැප ලැබේවා!..
තමුන්ගේ සහ අනුන්ගේ ආරක්ෂාව සපයන්න තමුන්ට ඇති වගකීම ගැන ප්‍රායෝගිකව පහළ බාලාංශයේ ඉඳලා උගන්වන්න ඕනේ... මේ දෙය හරියටම කරන්නේ නාවික ක්ෂේත්‍රයේ, තෙල් හා ගෑස් ක්ෂේත්‍රයේ ගුවන්, නාවික, යුද හමුදා... වල. මේක හරියට මන්තරයක් වගේ හැමදාම උලුප්පලා ගන්න ඕනේ... මිනිස්සුන්ට ඒ ගැන වගකීමක් දෙන්න ඕනේ. එහෙම කරා නම් කෝවිඩ් ප්‍රශ්නෙත් මේ තරම් දුරදිග යන්නේ නැහැ. අපේ මිනිස්සු අනුන්ගේ ආරක්ෂාව ගැන නම් හිතන්නෙම නැති තරම්...