(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව නගර සභාව මගින් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා නොමිලේ බෙදාදීම සඳහා නිකුත් කරන ලද පොත්පත් 298 ක් මීගමුව නගරයේ පොත් සාප්පුවක විකිණීමට තබා තිබියදී ඊයේ (21) සවස එම පොත් සාප්පුවේ හිමිකරු සමඟ මීගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මීගමුව නගර සභාවේ ලාංඡනය ඇතුළත් පොත් පත් මීගමුව නගරයේ සාප්පුවක අලෙවි කිරීමට තිබෙන බවට මීගමුව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව වැටලීම සිදු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ වන විට නාගරික මන්ත්‍රීවරයෙක් සහ නාගරික කොමසාරිස්වරිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
එම පොත්පත් තොගය අලෙවි කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd