(කේ.ආර්.රාජමන්ත‍්‍රී)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොරලන්ද නගරයේ දී නිති විරෝධි උද්ඝෝෂණයක් කළැ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලූ සැකකරුවන් පස් දෙනා රුපියල් ලක්ෂයක ශරිර ඇපමත මුදා හරින්නැයි වැලිමඩ මහේස්ත්‍රාත් පසන්න ජයසේකර මහතා අද නියෝග කළේය.

මෙසේ ශරිර ඇපමත මුදාහරිනු ලැබූ සෙසු පිරිස අතර හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න ,සමස්ථ ලංකා ගුරු සංගමයේ බදුල්ල දිස්ත‍්‍රික් සභාපති නන්දන හපුගොඩ, ගල්ඒදණ්ඩ පදිංචි ඥණපාල සේනාධිර ජාතික භික්ෂු පෙරමුණේ බදුල්ල දිසාවිධායක සභික ගල්ඒදණ්ඩ විජිතාරාමාධිපති වීරකැටියේ අනුරුද්ධ හිමි ද සිටිති.

එළවලූ වගාවට අවශ්‍ය රසායනික පොහොර ගොවියන්ට ලබාදෙන ලෙසට රජයට බලකරමින් බොරලන්ද නගරයේදී නිරෝධායන නීති උල්ලංඝනය කළැයි කියමින් බෝගහකුඹුර පොලිසිය විසින් අත් අඩංගුවටගෙන වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.