IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


නාමල් ක්‍රීඩා ඇමැති ධූරයේ වැඩ අරඹයි


(යොහාන් භාසුර)
 
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නව රජයේ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (18 වැනිදා) පෙරවරුවේ වැඩ ඇරඹීය.
 
නාමල් රාජපක්‍ෂ මහතා අද සුබ නැකතට ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අමාත්‍යංශ ලිපියකට අත්සන යොදා වැඩ ආරම්භ කළ අතර, ඉස්ලාම් සහ හින්දු ආගමික පූජකවරු ද ඔහුට ආශීර්වාද කළහ. ඉන් අනතුරුව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ද නිල වශයෙන් වැඩ ආරම්භ කළේය.
 
නාමල් රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය ඇමතීමට නියමිතය. 
 
මෙම අවස්ථාවට නාමල් රාජපක්‍ෂ මහතාගේ පියාණනන් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
 
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


 



අදහස් (11)

නාමල් ක්‍රීඩා ඇමැති ධූරයේ වැඩ අරඹයි

rathne Tuesday, 18 August 2020 08:38 AM

කුඩු ගහන්නයි, බදුගහන්නයි නම් ලෝක සූත්තරයින් තමයි. ඒකත් ක්‍රීඩාවක්ලුනේ... !!! 

:       172       567

Nuwan Tuesday, 18 August 2020 08:47 AM

සත 5ක වැඩක් නැහැ. වඳුරා සහ දැලි පිහිය මතක්වුණා ආයෙත්...

:       229       902

ABC Tuesday, 18 August 2020 09:00 AM

අනේ මන්දා..!!! 

:       2       84

සුනීත හිමි Tuesday, 18 August 2020 09:33 AM

ශ්‍රී දළදා මාළිගාව ළඟ කාර් රේස් යන්නේ කවද්ද? එහෙම යනකොට කුරුණෑගල නගරාධිපතිත් එයිනේ. දැන් ඉතින් පටන් ගනියි රඟන්න.

:       23       708

සිරිබිරිස් Tuesday, 18 August 2020 09:47 AM

ක්‍රීඩාවලට තෙරුවන් සරණයි...

:       3       574

NuwanTuesday, 18 August 2020 10:17 AM

අබ සරණයි.. කිව්වානම් ගොඩක් ගැලපෙනවා...!!! 

:       1       344

Akila Tuesday, 18 August 2020 10:18 AM

නරියට කුකුල්ලු බාරදුන්නා වගේ...

:       1       383

Sadin bayiya Tuesday, 18 August 2020 11:04 AM

මහා සිංහල පරමාදර්ශී බෞද්ධයින් පිරිසක් එක්ක බුදුන් වඳිනවා. මේවා රඟපෑමක්... කිසිම හැඟීමක් නැති අය කරන දේවල්...

:       1       316

prabha Tuesday, 18 August 2020 11:06 AM

මෙයා ඇවිල්ලා තියෙන්නේ සිහින ලෝකවල තියෙන ක්‍රීඩා දියුණු කරගන්න මිසක් ගමේ, රටේ අපි දන්න ක්‍රීඩා දියුණු කරන්න නොවේ.

:       1       324

kamal Tuesday, 18 August 2020 11:44 AM

අපරාදෙ, මුදල් ඇමැති වෙන්න මොලේ තියන කෙනෙක්, තරුණකම නිසා තමයි ඒක නොදී මේක දුන්නේ. කමක් නැහැ ඔහොම යං. දවසක කාටකාටත් තේරෙවි...

:       0       221

සුමිත් Tuesday, 18 August 2020 12:07 PM

එන්න කලින්ම වැඩ පෙන්නලා ඇමතිතුමා. ඉරාජ්ටයි, ටෙහානිටයි අධ්‍යක්ෂ තනතුරු දෙකක්ම දීලා. මොනතරම් වටිනා වැඩක්ද? සාධුකාරයක් දීලා බලාගෙන ඉන්න...

:       0       184

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site