(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීල්ලට අදාළ කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළි කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (4) එම සිද්ධියේ පැමිණීලිකරු වූ දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට තහනම් නියෝගයක් නිකුත් කළේය.
පැමිණීලිකරු මුල් අවස්ථාවේදී ලබාදුන් කරුණුවලට අමතරව වෙනත් හා වැඩිමනක් කරුණු මාධ්‍ය වෙත මුදාහැර මෙම විමර්ශන වෙනත් මඟකට යොමු කිරිමට උත්සාහ කරන බව පෙනී යන බවත්, තමන් දන්නා යම් තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් වෙත පමණක් ප්‍රකාශ ලබා දෙන ලෙසත් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්ති ප‍්‍රකාරව නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්තිය අනුව අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.
COMMENTS
දැක්කම පේනවා මෙයා මොන වගේ කෙනෙක්ද කියලා... පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්න සුදුසුකම් සම්පූර්ණයි.
මොන මගුලක් හරි කමක් නැහැ... කුමන්ත්‍රණයක් තිබ්බද නැද්ද? කියන එක කෙළින් ජනතාවට කියන්න. මොකද මේක නිසා රටම කැලඹුණා. ජනතාවට අවශ්‍ය මෙයා බොරු කිව්වද නැද්ද මිසක් උගෙ පැටිකිරිය නෙමේ. බොරුවක් කියලා හිරේ යන්න නම් මෙයා පිස්සෙක් විය යුතුයි. නැත්නම් පොලිසියෙන් යම් කථාන්දරයක් හදනවා වෙන්නත් බැරි නැහැනේ...
පොහොට්ටු වීරයා ලෙස සම්මාන දෙමු...
මෙම පුද්ගලයා ගැන මෙයිට වැඩියේ විමර්ශනාත්මකව පරීක්ෂණ අැරඹිය යුතුයි...
පරස්පර අදහස් නේද මෙයා ඉදිරිපත් කළේ? එක දවසක් කීවනේ...පොලිස්පති නාලක සිල්වා මහතාගේ නමට ලියු චෙක්පතක් මෙයාගේ අතට දී ෆොටෝ අරගෙන චෙක් පත ආපසු ගත්ත කියා, තව දවසක් කීවනේ... පොලිස්පති නාලක සිල්වාගේ නමට ලියු 250000 චෙක් පත් දෙකක් අතටදී ෆොටෝ අරගෙන චෙක් පත් ආපසු ගත්ත කියා පොලිස්පතිතුමා විසින්...
මිනිහට විතරක් මොකද එවැනි තහනමක්? ඇයි පොලිස්පති සරත් ෆොන්සේකා, මද්දුම බණ්ඩාර සහ රාජිත මේ සම්බන්ධව කියන කතාත් තහනම් නොකරන්නේ..?
ඇයි මේ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? කාගේ හයියක්ද මෙයා මේ පෙන්නන්නේ?
මේ මනුස්සයාගේ මුහුණ දිහා බලන්න. අලුගුත්තේරු පෙනුමක්... තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිලිබඳ බොරු කරපු කෙනෙක් කියන දේ විශ්වාස කරන්නේ කොහොමද?
සිංහලෙන් ඔය වගේ දේවල්වලට කියන්නේ "නටපු නැටුමකුත් නැහැ..., බෙරේ පලුවකුත් නැහැ" කියලයි.
කොහොම වුනත් මෙයා කියන ඒවා ගැන දැඩි විමර්ශනයක් අවශ්‍යයි. පහුගිය කාලේ කරපු කුමන්ත්‍රණ ගැන මහජනතාවට තිබූ සැකය තහවුරු වෙමින් යනවා. පරික්ෂණ යට ගැසීම හෝ වෙත් අතකට යොමු කිරීම වැරදියි. තවත් මහ බැංකු හොරකමක් බවට පත් නොවිය යුතුයි.
පොහොට්ටුව මෙයාව දාලා ප්ලෑන් කලේ යහපාලන ආණ්ඩුව විනාස කරන්න. නමුත් දැන් වැඩේ එලි වුණා. රටේ නායකයත් දැන හෝ නොදැන උගුලට අහුවුණා. මේවට නාස්තිවෙන මහජන මුදල් අපරාදේ. ලෝකේ කොහෙවත් නැහැ මෙහෙම පිස්සු කෙලින රටක්.
මෙයාගේ ලෝයර් මහත්තයාට (අරයගේ උපදේශක) නන් අන්න ආණ්ඩුකාර පත්වීමක් අරයා දුන්නා. මෙයාටත් ආණ්ඩුකාර කමක් අරයා දේවිද දන්නේ නෑ. නූගත් මානසික චරිත අරයටම ගැලපෙන මිනිස්සු. ඉස්සර එකට අර හොස්පිටල් එකේවත් හිටියද දන්නේ නෑ.
නාමල් කුමාර කියන්නේ අතිදක්ෂයෙක්
ඔන්න අදත් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා මෙයාගේ...
මූණ දැක්කම හොර පාට පේනවනේ..
මෙම ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු ප්‍රධාන මේ විගඩමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන පුද්ගලයා නාමල් කුමාර වේ.. එහෙනම් අැයි මෙයාව අත්අඩංගුවට නොගන්නේ..
මෙයාට පොලිස්පතිකම දුන්නා නම් හරි මාධ්‍ය සාකච්ඡාවලට ඇවිත් කතා කරන්නේ රටේම ලොක්කා වගේ...
නිවාස ණය පොලිය 19%ට තිබිල 9%ට අඩු කලේ යහපාලන රජයෙනුයි. නැවත 13% කට වැඩි කල එක විතරක් කියන්නේ. අඩුවූ 4% ත් අමතක වෙලා වගේ.
මේ රටේ මධ්‍යස්ත මිනිස්සුන්ට පැහැදිලිව පෙනෙනවා එහෙම ඝාතන කුමන්ත්‍රණයක් තිබුන බව. වහල්ලු වගේ දේශපාලකයෝ සුද්ද කරන්න යන්න එපා. ඒ වගේම මෙම පුද්ගලයාගේ කලින් වරදිවලටද නිසි දඩුවම් දිය යුතුයි.
මුහුණ දැක්කම කාටත් හිතාගන්න පුළුවන් හොරෙක් කියලා..