(නිමන්ති රණසිංහ)
කළුතර බන්ධනාගාරයේ පවුර වටා අනාරක්ෂිත අකාරයෙන් වැවී තිබූ කැළෑව තුළ තිබී පාර්සලක තිබී හෙරොයින් ග්‍රෑම් 130ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19 ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රාශියක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද (17) පැවසීය.
කළුතර බන්ධනාගාරයේ ප්‍රධාන පවුර වටා අනාරක්ෂිත ආකාරයෙන් වැවී තිබූ කැළෑ හෙළි කිරීමේදී බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරින් විසින් මෙම පාර්සලය සොයාගනු ලැබූ බව ද ඔහු සඳහන් කළේය.
මේ පාර්සලය තුළ ජංගම දුරකතන චාජර් දෙකක් ද තිබී අත්අඩංගුවට ගෙන ඇතැයි හෙතෙම පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd