
නේපාලයට ඇදහැළෙන අධික වැසි හා නායයෑම් හේතුවෙන් අද (3) දසදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම දසදෙනාගෙන් අට දෙනකු ඉදිකිරීම් ස්ථානයක පුද්ගලයන් බවත් අනෙක් දෙදෙනා එකම පවුලේ සාමාජිකයන් දෙදෙනකු බවත් නේපාල බලධාරීහු සඳහන් කළහ.
ඉකුත් මැයි මාසයේ සිට නේපාලයට වැසි ඇද හැළෙන අතර ගංවතුර හා නායයෑමේ සිදුවීම් ද වාර්තා වේ. ගංවතුර හා නායයෑම් හේතුවෙන් මේ වනවිට නේපාලයෙන් වාර්තා වන මරණ ගණන 177ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දකුණු ආසියානු කලාපයේ රටවල වාර්ෂික වැසි සමය මේ වනවිට ආරම්භ වී තිබේ. බංග්ලාදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් ඉකුත් ජූනි මාසයේදී පමණක් මරණ 135 ක් වාර්තා විය. දශක දෙකකට පසු බංග්ලාදේශයට වැඩිම කාලයක් ගංවතුර තත්ත්වයක් බලපෑ තිබුණේ මෙවර බව ද වාර්තා විය. ඉන්දියාවට බලපෑ තිබෙන ගංවතුර හේතුවෙන් ඇසෑම් සහ බිහාර යන ප්‍රාන්තවල මිලියන ගණනක් අවතැන් වී සිටින අතර 120 දෙනකු මරණයට පත්ව ඇත.
නේපාලයේ මෝසම් වැසි සමය මේ වනවිට ආරම්භ වී තිබේ. එම සමයේදී මැයි සිට සැප්තැම්බර් මාසය දක්වා වැසි ඇද හැළේ. මේ වනවිට ගංවතුර හෝ නායයෑම් හෝ සිදුවීම් හේතුවෙන් පුද්ගලයින් 57 දෙනකු අතුරුදන් වී ඇති බවත් 111 දෙනකු තුවාල ලබා ඇති බවත් නේපාල බලධාරීහු සඳහන් කළහ.
භූතානයට ද ගංවතුර තත්ත්වයක් බලපා තිබේ. ගංවතුරට සිර වී සිටි ගම්වැසියන් පිරිසක් මුදාගැනීමට ගිය භූතානයේ හමුදා සොල්දාදුවෝ හතරදෙනෙක් ඉකුත් මාසයේදී මරණයට පත්වූහ.
දකුණු ආසියානු කලාපයට මේ වනවිට නව කොරෝනා වයිරසයෙන් ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අහිතකර කාලගුණ තත්ත්ව නිසා එම තත්ත්වය නරකම අතට හැරී තිබේ.
අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශයේ මිලියනයකට වැඩි පිරිසක් අවතැන් වී සිටින අතර ඉඩම් හෙක්ටයාර දහස් ගණනක් ද විනාශ වී ඇත. ඒ හේතුවෙන් 60,000කට ආසන්න පිරිසක් ජනයාගෙන් පිරි අවතැන් කඳවුරුවලට යොමු කර ඇත.
බංග්ලාදේශයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 240,746ක් වන අතර වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 3,154කි.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නේපාලයේ ගංවතුරින් 10ක් මරුට