IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නාඳුනන විදේශිකයා ගුවන්තොටේ චිත්‍රපටයක් රඟයි

(ටී.කේ.ජී.කපිල )

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් රටට පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු  පැනයාමට උත්සාහා ගනිද්දී , කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා  අද (10) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී  මෙම විදේශිකයා , ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව ගිය බව  ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීහු එක්ව ලුහුබැඳ  ඔහු අත්අඩංගුවට ගත්හ.

මෙම විදේශිකයා  අද (10)  දින අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව , විගමන කවුළුවට පැමිණ තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමට සූදානම්වී තිබේ.

එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර  තිබේ .

ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කරද්දි  චිත්‍රපට දර්ශනයක මෙන් ආගමන විගමන නිලධාරීන් පුදුමයට පත් කරමින්  

ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් , දිව යන්නට විය. මේ සදහා මොහුට ගත වී තිබුණේ තත්පර 02 ක තරම් සුළු කාළයක් පමණි.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ එවකට රාජකාරී කරමින් සිටි  ආගමන විගමන දෙපාර්තමේන්තු බළලත් නිලධාරීවරයා , මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර , ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කළේය.

ඒ සැනින් මෙම විදේශිකයා , එකවරම , අසළ ඇති තාප්පයකට නැග , එයින්  ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග , ඒ මත සැගවී සිට ඇතත් ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් එය දැක ඇත.

 පර්යන්ත  වහළය මත දිව ගොස් , කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන , ගුවන් තොටුපළෙන් පිටතට පළා යාමට උත්සාහ කළත්

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස් , ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මොහු වට කර පැයකට පමණ පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (5)

නාඳුනන විදේශිකයා ගුවන්තොටේ චිත්‍රපටයක් රඟයි

sharm warn Monday, 10 January 2022 12:15 PM

හ්ම් හොඳයි. තව කට්ටිය මේ සෙල්ලම පුරුදු වෙයිද දන්නේ නැහැ .ෆිට්නස් එහෙම පවත්වාගෙන යන කට්ටිය නේ

:       1       6

Shantha - Qatar Monday, 10 January 2022 02:55 PM

එතකොට මෙයා රටට ඇතුල් වෙලා තියෙන්නේ මොන පාස්පෝර්ට් එකකින්ද?අනේ අපි එනකොටනම් දාහක් ප්‍රශ්න අහනවා නිලධාරී මහත්වරු

:       1       5

සමන්ත Monday, 10 January 2022 05:07 PM

ඔහුගේ තොරතුරු මේ ලෙස මෙම පුවත්පතේ පලකිරීම කොතරම් සදාචාර සම්පන්නද​? ව්‍යාජ ගමන් බලපත්‍රයක් වුණත් එය ප්‍රසිද්ධ කිරීම පිළිගත් ජාත්‍යන්තර නීති රීති වලට එකඟද? ඔහු වරදකරුවෙකු වුවත් ඔහුව රැකගැනීමට එක්සත් ජාතීන්ගේ සරණාගත නීතිය යටතේ අප බැඳී සිටිනවා. එහෙත් ගෝත්‍රික ආකල්ප සහිත රටකට ඒවා අදාල වන්නේ නෑ...

:       5       2

Don Monday, 10 January 2022 05:15 PM

එච්චර දෙයක් කරලා උත්සාහ කරන්නේ නිකම්ම බයකට වෙන්න බෑ. හෙට අනිද්දා වෙද්දී කොහෙන් හරි රටකින් ඉල්ලයි.

:       0       2

kon Monday, 10 January 2022 05:44 PM

මෙයාගේ පාස්පෝට් එක දාපු හින්දා වන්දි ඉල්ලයිද දන්නෑ..?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1172 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1173 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site