(නිමන්ති රණසිංහ)
මරණීය දණ්ඩනය නියම වූ සියළුම සිරකරුවන්ට එම දඩුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවමක් වශයෙන් ලබා දෙන ලෙස ඉල්ලමින් මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් 150 දෙනෙකු පමණ අද (25) සිට ආහාර වර්ජනයක නිරතවෙමින් සිටිති.
තවත් සිරකරුවන් 12 දෙනකු අද (25) පෙරවරුවේ සිට වැලිකඩ බන්ධනාගාරයෙන් වහලය මත නැගී විරෝධාවක නිරත වන බව ද බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
මහර බන්ධනාගාරයේ මරණ දඬුවම නියමව සිටින රැඳවියන් පිරිසක් ඊයේ (24) දහවල් ප්‍රථමයෙන් මෙම ආහර වර්ජනයක් ආරම්භ කළ අතර පසුව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන්ද එම වර්ජනයක් ආරම්භ කළ බව ඔහු සඳහන් කළේය.
රැඳවියන් ඉල්ලා සිටින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින අතර ක්‍රමානුකූලව එම ගැටලුවට විසඳුම් ලබාදීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු පැවසීය.
මෙම විරෝධතාවයේ යෙදී සිටින රැඳවියන් සිය ඉල්ලිම් සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
කෙසේ වෙතත් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සහ මහර බන්ධනාගාරයේ ආරක්ෂාව ද තර කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
ඔව්, ඉතින් එක මිනීමරුවෙකුට, දෙන්නෙකුට විතර විශේෂයක් දක්වන්න පුළුවන්ද? අනිත් මනුස්සයින් ලංකාවේ මිනිස්සු නෙමෙයිද? මේ ගොල්ලන්ටත් සාධාරණ අයිතියක් තියෙනවා නිදහස ඉල්ලන්න..
කතාව ඇත්ත
ඔහොම ඉනන කඩේ ගියේ නැත්තනම්
උද්ඝෝෂණ කරොලා වැඩක් නැ