(තිළිණි ද සිල්වා)
සිය නිල නිවස නියමිත පරිදි නොලැබීම හේතුවෙන් නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාට නෙදර්ලන්තයේ හෝටලයක නවාතැන් ගැනීමට සිදුව ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා නව තානාපති සුමිත් නාකන්දල මහතාට මෙලෙස හෝටලයක නවාතැන් ගැනීමට සිදුව ඇත්තේ මීට පෙර එරට ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කළ තැනැත්තා සිය සේවා කාලය අවසන් කළද එම නිල නිවස නියමිත පරිදි බාර නොදීම හේතුවෙන් යැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
නාකන්දල මහතා නෙදර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් නිල වශයෙන් වැඩ බාර ගනු ලැබුවේ මීට සති කිහිපයකට පෙරය.
මේ වන විට ඔහු නෙදර්ලන්තයේ හේග් නුවර හෝටලයක නවාතැන් ගෙන සිටින බවද ගැනීමට එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
හිටපු තානාපති සහ නව තානාපති යන දෙදෙනාම හේග් නුවර රැඳී සිටින බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අතර හිටපු තානාපති සාදික් මහතාගේ සේවා කාලය අවසන් වීම නිමිත්තෙන් පිරිසක් ඉකුත් 19 වැනිදා ඔහුට සමුගැනීමේ සාදයක් සංවිධානයක් කර ඇති අතර ඊට ඔහු සහභාගී වී නැතැයිද තානාපති ආරංචි මාර්ගවලින් සදහන් වේ.
හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේද දැඩි අවධානය යොමු ඇතැයිද තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ඒ.එම්.ජේ.සාදික් මහතා සහ සුමිත් නාකන්දල යන මහත්වරු දෙදෙනාම වෘත්තීයෙන් ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු වෙති. නාකන්දල මහතා නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීමට පෙර විදේශ කටයුතු අමත්‍යාංශයේ. අතිරේක ලේකම් ( ද්විපාර්ශික කටයුතු )ලෙසද කටයුතු කළේය.ඊට අමතරව හෙතෙම කාලයක් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති සහ ලන්ඩන්යේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කළේය.
ඒ.එම් සාදික් මහතාද බුසීලයේ ශ්‍රී ලංකා තානාපති ඇතුළු රටවල් කිහිපයකම තානාපති වශයෙන් කටයුතු කළ රාජ්‍යතාන්ත්‍රිකයෙකි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පොදු සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලංකාදීපයට කියා සිටියේ මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් නිල තොරතුරු වාර්තා වී නොමැති බවත්, ඒ පිළිබදව වැඩිදුර කරුණු පැවසිය හැකි වන්නේ අද (08) දිනයේ තොරතුරු විමසීමකින් පසුව බවත්ය.
නමුත් සාමාන්‍ය පත්වීම් ලද තානාපතිවරයෙකු එරට රාජ්‍ය නායකයා වෙත අක්තපත ප්‍රදානය කළ පසු එරට රැදී සිටිය නොහැකි බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. හිටපු තානාපතිවරයාට සිය සේවා කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ බඩුභාණ්ඩ නැවත දිවයිනට ගෙන්වා ගැනීම සදහා යම් කාලයක් ගත වන බවද ඔහු පැවසීය.
COMMENTS
මේකෙන් පෙනෙන්නේ අපේ කොන්ද පණනැති ආණ්ඩුවේ හැටි තමයි ,
රාජ්‍ය සේවකයිනුත් දේශපාලු බලුපොරයට එක්වෙලා. මොහු පිටුපස මොකෙක් හරි දේශපාලුවෙක් ඉන්නවා.
අරයා නිලනිවාසයේ. මෙයා හෝටලේ ඕවට කාගේ සල්ලිද වියදම් කරන්නේ. පාලනයක් නැති පාලනය ....
සාදික්ගේ ගම කූරගල පැත්තේද?
ජෝක් එකක්ද ? හෝටලේ සල්ලි ගෙවන්නේ කවුද?
පෙර තානතිපතිගේ නිල ධූර කාලය අවසන්ද? නිල කාලය අවසන් නම් තම පුද්ගලික භාණ්ඩ තානාතිපති නිවසින් ඉවත් කරගැනීමට දීර්ඝ කාලයක් අවශ්‍ය නැහැ. ඔහු හෝ ඇය දන්නවා තම නිල කාලය අවසන් වග. නමුත් පසුගිය වකවානුවේ දේශපාලන බලපෑම් මත කාලය දීර්ඝ කල අවස්ථා අපමණයි. හිතුවද දන්නේ නැහැ එහෙම වෙයි කියලා. කොහොම උනත් ඔය කියන නිලධාරියාව වහාම මෙරටට ගෙන්වා සාමාන්‍යයෙන් ලංකාවේ සේවය කලයුතු පරිච්ඡේදය වගේ දෙගුණයක් ලංකාව තුළ සේවය කිරීමට සැලසීමෙන් තානාතිපති සේවයේ ගෞරවය රැකගත හැකිවේ. දඬුවම් නොදුන්නොත් හැමදෙනාම ඔය වැඩේ පටන් ගනීවි. එතකොට ලංකාව දේශපාලනිකව හා අනිකුත් සියලු අංශයන්ගෙන් ලෝකයා ඉදිරියේ අපහාසයට ලක්වේවි.
කරගෙන ගිය ව්‍යාපාර කටයුතු එහෙමත් ඉවරයක් කරලා දාන්න.... ටිකක් කල් වෙලාව අවශ්‍ය ඇති..
එක ඔයාලගේ ජනාධිපතිටයි විරුද්ධ පක්ෂයේ නායකතුමාලා දෙන්නගේ කුමන්ත්‍රණයක් ...!
තම්බි ගිය තැනකින් එලවාගන්න ලේසි නැහැ.