
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය වටදාගෙය පූජා භූමියේ නිදන්වස්තු කොල්ලකෑමේ අරමුණින් අද අලුයම ඇතුළු වූ බව කියන පිරිසක් ආරක්ෂක භටයන් දැක රැගෙන ආ බව කියන භාණ්ඩ සියල්ල ද දමා පළා ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
මෙලෙස නිදන් වස්තු කොල්ලකෑමට ආ බව කියන පිරිස වෙස්වලා ගැනීම සදහා රැගෙන ආ වෙස්මූහුණු 5, කුඩා ගෑස් සිලින්ඩරයක්, ටයර් කැබැල්ලක්, නියනක්, කුළුගෙඩියක් සහ යතුරක් පොලිස් බාරයට ගෙන ඇත.
මසක පමණ කාලයක සිට නිදන් කොල්ලකරුවන් විසින් පිවිසුම් දොරටුවත් සමග ඇති මැදිරිගිරිය වටදාගෙය ඉදිරිපිට නැගෙනහිර ගල් තලාවේ නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් ගල් කුහරයක් සදා තිබියදී ආරක්ෂක පිරිස මේ බව දැක ඇත.
පසුව අවස්ථාවන් දෙකක පමණ මෙම නිදන්වස්තු කොල්ලකරුවන් ඒම ස්ථානයේම නැවත නැවතත් ගිණි දමා ඒම ස්ථානය පළුදු කර තිබියදී සොයා ගත් බව ලංකාදීප පුවත්පතද පසුගියදා ආනාවරණය කරන ලදි.
කිසියම් පුද්ගලයින් පිරිසක් මෙම ගල් තලාව බැවුමේ කැලෑ ප්‍රදේශයේ සැරිසරණ බවට වටදාගෙය ආත්‍රී මුර සේවයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භට පිරිසට අණාවරණය වී ඇත.
පසුව මෙම ආරක්ෂක භට පිරිස කැලෑ ප්‍රදේශයේ ඇසුණු මිනිස් කටහඩ ඔස්සේ හඹා යාමත් සමග නිදන් කොල්ලකෑමේ අරමුණින් රක්ෂිතයට ඇතුළු වූ බව කියන පිරිස පසුපස ලුහු බැදීමේදී ඔවුන් හදුනාගත නොහැකිවන සේ වෙස්වලාගෙන සිටි බව ආරක්ෂක අංශ නිළධාරීන්ට අණාවරණය වී ඇත.

2025 දෙසැම්බර් මස 04
510
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිදන් ගන්න ඇවිත් පණ එපා කියා දුවති