නීතී විරෝධී අයුරින් විදේශ ගත වීමට සූදානම්ව සිටි පුද්ගලයින් 22 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සියඔලාණ්ඩුව සහ තිස්සමහාරාම ප්‍රදේශයන්හිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
රියුනියන් දූපත බලා මුහුදු මාර්ගයෙන් පිටත්වීමට සුදානමින් සිටි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අතර කාන්තාවන් තිදෙනකු හා ළමුන් සිව් දෙනකුද සිටින බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙය මෙහෙය වු බව කියන පුද්ගලයින් දෙදෙනකු සිටින බවද පොලීසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් නිතී විරෝධි අයුරින් මුහුදු මාර්ගයෙන් විදෙස් ගත වීමට සුදානමින් සිටින බවට ලැබුණු තොරතුරක් අනුව මෙම මෙහෙයුම සිදු කර ඇත.
(36698)
COMMENTS
මේ රටෙන් යන්න පුළුවන් අයට යන්න දෙන්න, තව ඉස්සරහට අපිත් බෝට්ටුවෙන් යන්න වෙන්නේ. මේ රට අපායක් වෙලා ඉවරනේ දැන්.
රටේ දේශපාලකයෝ රට උලා කාලා ඉවර නිසා, කරුණාකර රටින් පිටවෙන්ට ඉන්න අයට හැකිතාක් ඉක්මනින් රටින් පිටවන්නට ඉඩ දෙන්න.
පුළුවන් අයට උමගක් හාරගෙන හරි යන්න දෙන්න. මේ රට ඉවරයි.
මෙහෙම යන අයට පුලුවන් නම් උදව් කරන්න. රටින් පිට වෙන්න බොරුවට ඒ අහිංසක මිනිස්සු අල්ලලා මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතුව.. රටේ පාලකයින් හොඳ නම් මිනිස්සු රටෙන් යන්න හදන්නේ නැහැ...!!!
මේ වගේ රටවල් දාලා යන තරමටම හොඳයි. ලස්සන සම්පත් තියෙන රටක් අපේ අමන පාලකයෝ 70වසරක් තිස්සේ විනාශ කළා...
නීතිවිරෝධීව පිටරට යන්න හිටපු අයගේ නෑදෑයෝ හිතවත්තු ඒ රටවල ඉන්න පුළුවන් එකයි, මේ අය මෙවැනි අන්තරාදායක ගමනකට විශාල ලෙස මුදල්ගෙවා හරි යන්නේ.... කෙසේ හෝ ඒ රටවල් වලට ඇතුළු වුණාට පස්සේ ඒ රටවල්වල ආණ්ඩුවලින් පසුකාලීනව රැකියා කිරීම සඳහා නැවතී සිටීමේ සහතිකයද නිකුත්කරනවා. නමුත් එයට මුදලක්ද රැකියාව කරනකොට බද්දක්ද අයකරනවා. ඒ රටවල් වලත් තියෙන ආර්ථික ප්‍රශ්න නිසා අප්‍රිකාවෙන් මුහුදු මාර්ගයෙන් ඉතාලිය හරහා යුරෝපයට ආපු එක්කෙනෙක්වත් නැවත ආපසු හරවා ඇරියේ නෑ... මේ ගෝලීය, ආර්ථික ප්‍රශ්න හමුවේ අසරණ වූ ලෝක ජනතාවගේ එක පැත්තක් පමණයි..
මට නම් අපේ ලංකාව ජීවත් වෙන්න සුදුසු රටක්. එකම ප්‍රශ්නේ අපිරිසිදුකම. රේල් පාර දෙපැත්ත අපායක්, කුණු ගොඩවල් නිමක් නැත. මුහදු වෙරල මෙලොව අපාය ගොඩ බිම ඛාදනය වෙනවට දාලා තියෙන විශාල ගල් තුල බෝතල්, ප්ලාස්ටික් බෝතල් පොලිතින් ගල් උඩ මල පහ පුදුමාකාර දුගදක්. තිරිසන් සතෙක් වන බළලෙක් දිහා ගැනවත් හිතල හැදෙන්නේ නැති නිසා සැලකිය යුතු නීති පැනවිය යුතුයි .ජපානය ,සිංගප්පුරුව හදා ගත්තේ එහෙමයි
රටක් පිරිසිදුවට ලස්සනට තියෙන විට කිසි කෙනෙක් රට දාලා යන්නේ නැ
මොවුන් ජීවිතය පරදුවට තබල මේ රටින් පැනල යන හේතුව ගැන කිසිම කෙනෙක් හොයන්නේ නැද්ද ?