නිත්‍යනුකූල නොවන අයුරින් දකුණු කොරියාවේ රැදී සිටින ශ්‍රමිකයින් සඳහා එරටින් පිටත්වීමට පොදු සමා කාලයක් ලබා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
එය ඔක්තෝබර් මස 01 වැනිදා සිට 2019 මාර්තු 31 දක්වා වලංගු වේ.
මෙම කාලය තුළ කොරියානු රටෙන් පිටවන ශ්‍රමිකයින්ට නීත්‍යනුකූල නොවන ආකාරයට එරට රැදීසිටීම නිසා පනවනු ලබන නැවත පැමිණිමේ තහනමද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කොරියානු රජය තීරණය කර ඇත.
නීතිවිරෝධි අයුරින් රැදීසිටීම හේතුවෙන් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළහොත් වසර 10ක කාලයක් දක්වා නැවත පැමිණිමේ තහනමක් නිකුත් කරනු ලැබේ.
මෙම පොදු සමා-කාලය තුළ පිටත් නොවී තවදුරටත් නීතිවිරෝධී අයුරින් කොරියාවේ රැදීසිටින ශ්‍රමිකයින් අත්අඩංගුවට ගෙන කඩිනමින් එරටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බවද කොරියානු රජය දැනුම් දී තිබේ.
එසේම තමාගේ සුපුරුදු සේවා ස්ථානයට අමතරව තාවකාලිකව ඉදිකිරීම් කර්මාන්ත ආශ්‍රිතව සේවයේ යෙදීම නීත්‍යනුකූල නොවන හෙයින් එසේ සිදුකරන ශ්‍රමිකයින් වෙතොත් කොරියාවේ රැදී සිටීමට අවශ්‍ය කරන නීත්‍යනුකූල වීසා ඔවුන් සතු වුවද අත්අඩංගුවට ගෙන වහාම එරටින් පිටුවහල් කිරීමට කටයුතු කරනු ලබයි.
තමාගේ ඥාතීන් දකුණු කොරියාවේ නීතිවිරෝධීව රැදී සිටීනම් මෙම පොදු සමා කාලය තුළදී ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය ලෙස කටයුතු කරන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
(36698)
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
819
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිතී විරෝධීව දකුණු කොරියාවේ රැදී සිටින්නන්ට පිට වෙන්න පොදු සමා කාලයක්
rasika Monday, 29 October 2018 06:49 PM
ඇමෙරිකාවේ මුදල් වලට එහෙට මෙහෙට පනින මන්ත්‍රීලා දාලා බහුතරේ තියෙනවා කියලා කියවන්නේ නැතුව, ජන්දකෙට යන්න. එතකොට පුළුවන්නේ නියම ජනතාවගේ කැමැත්ත බලන්න.