
(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ ඉකුත් දා සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී මෙම කහ තොගය සොයාගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනය මඟින් මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ ඉකුත් 11 වැනිදා රාත්‍රියේ සිදුකළ විශේෂ පාමුර සංචාරයේදී එම වෙරළ තීරයට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ගොඩබාන ලද බවට සැක කෙරෙන මෙම තහ තොගය සොයාගෙන තිබේ.
මෙම වියලි කහ කිලෝග්‍රෑම් 2360ක පමණ තොගය උර 60ක අසුරා තිබී ඇති අතර නාවික හමුදාවවෙරළ ප්‍රදේශයේ සිදුකරන මුර සංචාර හේතුවෙන් රැගෙන යාමට නොහැකිව ජාවාරම්කරුවන් මෙම වියලි කහ තොගය වෙරළ තීරයේ දමා යන්නට ඇතැයි සැක කෙරේ.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

COMMENTS
පුරුදුවිදියට පුච්චලා දැමමනම් ඉවරයි