(ඩයනා උදයංගනී සහ කවිතා සුබසිංහ)
දැනට මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතුවල නිරත ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බළකාය වැනි අංශ ඒකාබද්ධව ක‍්‍රියාත්මක කර ඇති සැලැස්ම අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ඉදිරි දෙවසර තුළ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට හැකි බවට එම අංශ විශ්වාසයක් ඇතිකරගෙන ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.
ඒ සඳහා අවශ්‍ය අධික මිලකින් යුත් අධිතාක්‍ෂණ උපකරණ ශ්‍රී ලංකාව සතුව නොමැති බැවින් ඉදිරි මාසය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ සහ ඊශ‍්‍රායලයෙන් එවැනි උපකරණ ගෙන්වීමට පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රට තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් එක් ලක්ෂ පනස් දහසක් පමණ සිටින බව කී ජනාධිපතිවරයා එම මත්ද්‍රව්‍ය සොයාගෙන විනාශ කරනවා මෙන්ම භාවිතා කරන අය පුනරුත්තාපනය කිරීම සඳහා පුනරුත්තාපන අධිකාරියක් පිහිටුවීම ඇතුළු වැඩපිළිවෙලක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව කී ජනාධිපතිවරයා එළඹෙන සිංහල හින්දු අලූත් අවුරුදුදෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, බෙදා හරින්නන් සහ පාවිච්චි කරන්නන් ආදී සියලූ දෙනාම නීතියේ රැහැනට අසු කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවන බව ද කීවේය.
යුධ, නාවික, ගුවන් හමුදා, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රේගුව, වෙරළ ආරක්ෂක, සුරාබදු ආදී සියලූ අංශ තුළ එක්කරගෙන ක‍්‍රියාවට නංවන මෙම පුළුල් වැඩපිළිවෙළෙහි ප‍්‍රධානම බලාපොරොත්තුව මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය සොයා අධිකරණයට ගෙන ගොස් ඔවුන් පුනරුත්ථාපනය කිරීම බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
නීතිය අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව වෛද්‍යවරයෙක් රුධිර පරීක්ෂණයකින් සහතික කළොත් ඔවුන් පුනරුත්තාපනය කළ හැකි බව කී ජනාධිපතිවරයා ඒ සඳහා දැනට තිබෙන පුනුරුත්තාපන කඳවුරු වලට අමතරව අලූත් පුනරුත්ථාපන කදවුරු රාශියක් විවෘත කරන බව ද කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ මෙරටදී පසුගිය වසර තුන තුළ අත්අඩංගුවට පත්වූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 ක් සහ ග‍්‍රෑම් 464 ක ප‍්‍රමාණයක් දියකර පුළුස්සා විනාශ කිරීමේ අවස්ථාව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම කැලණිය ගෝනවල පිහිටි ඩී.එන්.එස් ගබඩා සංකීර්ණ පරිශ‍්‍රයේ දී අද (1) සිදුකෙරිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දෙකක් කොහෙද? තව හය මාසෙනේ තියෙන්නේ... කරන දෙයක් ඉක්මණට... පරණ කට්ටිය ආයෙත් ආවොත් ඔය ඔක්කොම ඉවරයි.
අප විශ්වාස කරනවා කවුරුවත් (මුල් පුරවැසියාට පමණක් නොව) කියව කියවා ඉන්නවාට වඩා ක්‍රියාවෙන් තම යුතුකම් තමන් උපන් මව්බිමේ අභිවෘධිය සඳහා කරනවා නම් එය ඔහු හෝ ඇය තම තමන් අදහන ආගමට අනුව අවසානයේ තම තමන් යන තැනට රුකුලක් වෙනු ඇත යන්නයි. එබැවින් කියවීම අඩු කරන්න වැඩ කිරීම වැඩි කරන්න. 225 ගව රෑනටම මෙය තමයි වැළදිලා තියෙන වසංගතේ. එසේ එම වසංගතය සෑදී නොතිබේ නම් අවුරුදු 71 වැනි "ඉතාමත්ම කුඩා " කාලයක් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වන්නේ කෙසේද?
ඉක්මණටම අල්ලා ගන්න ඕනේ.. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා දියවන්නා ඔයේ හැංගිලා ඉන්න අයවයි. ලේ පරික්ෂණයට ඉදිරිපත් නොවෙන්නේ යම්කිසි හොරයක් තියෙන නිසයිනේ...
ඔබතුමාගේ කියුම් ගැන විශ්වාසය තබන්න අමාරුයි!
එක දවසක් කියනවා හිරගෙදරට බැරිනම් අවීචි මහා නරකාදියට හරි ගිහිල්ල දූෂණ, වංචාව භීෂණය කරපු දේශපාලනඥයින්ට නීත්‍යානුකූල දඬුවම් දෙනවා කියලා. තව දවසක් කියනවා කුඩු මුදලාලිලා එල්ලනවා කියලා. දැන් කියනවා අවුරුදු දෙකක් යනවා කියලා. දැන් ඔය වැඩේ කරන්න කල් ඉල්ලන්නේ අර " සිරිසේන.. කෝ මේ සිරිසේන? " කියලා කෝචොක් කරපු උන්නැහේලාත් එක්කද? ඔය කොයි කෙරුවා කරන්නත් තව තියෙන්නේ මාස හයයි මහත්තයෝ. අවුරුදු 4ක්ම කටින් බතල හිටව හිටුවා ඉඳලා දැන් එනවා මෙතන තව කල් ඉල්ලන්න. අනිච්චේ දුක්ඛේ...
දෙවෙනි පුටුවේ ඉන්න කෙනා අවුරුදු විසි, තිස් ගාණක් කෘෂිකර්ම කර්මාන්ත පුරය පෙන්න පෙන්නා ඡන්දෙට මිනිස්සු රවට්ටනවා. මෙතුමා මත්ද්‍රව්‍ය අල්ලාගෙන ඡන්දෙ ගොඩයන්න හදනවා. ලංකාවේ හැම දේශපාලකයාටම ඡන්දෙ ලඟ එනකොට තමා අවුරුදු ගාණක් තිස්සේ නොකරපු දේවල් කරලා පෙන්වන්න මතක් වෙන්නේ... අපේ මෝඩ මිනිස්සු හැමදාම රැවටෙනවා..
හොඳ ආරම්භයක්. පාර්ලිමේන්තුව තුළ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දෙමින්, ජාවාරම්කරුවන් රකින උදවිය මුලින්ම අල්වා මේ කාර්යය ආරම්භ කළා නම් හොඳයි.
බොරු වියදම් නවත්තනවා.. එයාර්පෝර්ට් වහලා හොරු අල්ලනවා. මඩු වලිගෙන් තලනවා. කඩුවෙන් කපනවා. මහා බැංකු හොරු එලවනවා, රට දියුණු කරනවා, වංචා දුෂණ නවත්වනවා, රට සංවර්ධනය කරනවා, රටටම විදුලිය දෙනවා, රට වලපල්ලට යන එක නවත්වනවා, කුඩු අතුගා දමනවා.. අපි හීන දකිනවා, පිටිපස්සෙනුත් හිනායනවා.
අනේද කියන්නෙ..
තව තැනක් තිබුණා 'සාගලගේ කාලේ ඇල්ලූ කුඩු මෛත්‍රීගේ නියමයෙන් විනාශ කෙරේ'... කියලා. ඇත්තද?
තව අවුරුදු දෙකක් ඉන්නද හිතන් ඉන්නේ? පව් අප්පා.
හලෝ මත්ද්‍රව්‍ය අතුගෑම හරියට උදේ සවස ගෙවත්තේ ගහකින් වැටෙන කොළ අතුගානවා වගේ වැඩක්... හැබැයි ගහ මුලින්ම උගුල්ලා දැම්මොත් කොළ වැටෙන ප්‍රශ්නය ඉවරයි. ඒ වගේ කුඩු අතුගගා ඉන්නේ නැතිව කුඩු ගෙන්වන ගොයියෝ ටික ඔයවගේ ප්‍රසිද්ධියේ මරා දමන්න පුලුවනිනම් කුඩු නැතිකරන්න පුළුවන්. නැතිනම් සම්ම්ජ්ජාතියේ මත් ද්‍රව්‍ය නැතිකරන්න බැහැ. හැමදාම අතුගගා ඉන්න පුළුවන් රටට සංවර්ධන වැඩක් කරන්න කාලය නැතිවේවි. රනිල් හාදයා නම් කැමතිවේවි අතුගගා ඉන්න..
කරන්න පුලුවන් නම් හොදයි. ඒත් ඉතින් කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා මේ ටිකේ කරපුවා දැක්කහම හිතාගන්න පුලුවන්.
රතු පලස් උඩින්, සුමතිපාලත් එක්ක.. එන විදියෙන්ම කියන්න පුලුවනි අතුගාලාම දායි කියලා.
මම ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැහැ කිව්වෙත් මෙයා නේද......
සමහරු ඉන්නේ නිකන් පාන්සකුලේ දෙන්න වගේ
ඔබතුමාට ඉදිරිපත් කරලා තිබෙන ලැයිස්තුවට අත්සන් කරන්න අවශ්‍ය වන්නේ පෑනක් පමණි, නිකන් බොරු කියව කියවා ඉන්නේ නැතුව අත්සන් කරලා දමන්න , උන්ටික එල්ලලා දැම්මට පස්සේ ඕනේ තාක්ෂණික උපකරණයක් ගෙන්වා ගන්න , හිරේ ඉන්න කුඩු කාරයෝ , හිරේ ඉඳන් සතියට කුඩු ටොන් එකකට වැඩියෙන් ඩිල් කරති , උන්ටික එල්ලා දැම්මොත් අවුරුද්දක්කට ජිවිත දහස් ගණනක් බේරා ගන්න පුළුවන් , කුඩු කාරයෝ එල්ලනවට රටේ මිනිස්සුන්ගෙන් 80% විතර කැමතියි.
ආස ඇති නේද රට කාලා කාලා තවත් කන්න....
අවුරුදු හයක් තිබ්බ ධුර කාලය අඩු කරගත්තා. දැන් කියනවා තව අවුරුදු දෙකක් ඉන්න කතාවක්. ඡන්දෙන් දිනන්න එපැයි ඒවා වෙන්න. නින්දෙන් නැගිට්ට වගේ අන්තිම මාස ටිකේ අවුරුදු පහේ වැඩ ටික කරන්න යනවා වගේ .