IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නීතිපතිට පැවරී ඇති කාර්ය ගැන ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බලයක් නෑ

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයාට පැවරී ඇති කාර්යභාරය ගැන ප්‍රශ්න කිරීමට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසන් සභාවට කිසිඳු නෛතික බලයක් නැතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා එම කොමිසමට ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද (11) උදේ 10.00 ට පෙනී සිටින ලෙස දැනුම් දෙමින් එම කොමිෂන් සභාවෙන් නීතිපතිවරයාට නොතීසි යවා තිබිණි.

මහාධිකරණයක හෝ වෙනත් අධිකරණයක කටයුතු අත්හිටුවීමට හෝ කල්තැබීමට නියෝග කිරීමේ බලය ඇත්තේ එම අධිකරණයට සමාන්තර හෝ ඉහළ බලයක් ඇති අධිකරණයකට පමණකැයි ද කොමිසමට එවැනි බලයක් හිමිවී නැතැයි ද නීතිපතිවරයා යැවූ ලිපියේ සඳහන් වේ.

නීතිපතිවරයා සහ ඔහුගේ නිලධාරීන් මහාධිකරණය ඉදිරියේ ඔවුන්ට නීතිප්‍රකාරව පැවැරී ඇති ව්‍යවස්ථාපිත වගකීම් අනලස්ව ඉටුකළ යුතු බවත්, ඔවුන් එසේ කිරීම ජනාධිපති කොමිසමට අපහාස කිරීමක් ලෙස සැලකිය නොහැකි බවත් නීතිපතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා හැකි සෑම අවස්ථාවකදීම නීතිපතිවරයා සහ ඔහුගේ නිලධාරීන් සහාය දක්වන බව ද එහි සඳහන් ය.

සිතාසියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල නීතිය හා පැවැරී ඇති බලතල යටතේ හිඳිමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටිනු ඇති බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

එබැවින් කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හෝ මහාධිකරණයේ කටයුතුවලට බාධා කරන සහ නීතිප්‍රකාරව පැවැරී ඇති ව්‍යවස්ථාපිත වගකීම්වලට බාධා එල්ල කරන කිසිදු කටයුත්තකට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ නොවන බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

055



අදහස් (9)

නීතිපතිට පැවරී ඇති කාර්ය ගැන ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බලයක් නෑ

ranjith Wednesday, 11 March 2020 11:26 PM

දේශපාලනේ කරන උදවිය මීට වඩා රටේ නීති ගැන දැනුවත් වීමත් වැදගත්. ඒවගේම අධිකරණයට ගරු කල යුතුය. තමන්ගේ ඕනේ එපාකම් අනුව නීතිය හසුරුවන්න යන එක හොද නැත.

:       0       28

senevi Wednesday, 11 March 2020 11:32 PM

හොඳ උත්තරයක්. මිනිස්සු රවටන්න එහෙම් නැත්තනම් පණයන්න ආසන්න තමන්ගෙ හිතවත්තු කීප දෙනෙකුට ගානක් කපාගන්න අටවන මෙම කොමිසන් වලින් වෙච්ච සෙතක් තියෙනවද? සමහර කොමිෂන් වාර්තා තමන්ට අවාසි නම් හමස් පෙට්ටියට, ජනතාවගෙ බදු මුදල් විනාශ කරන මේවට දැකවිය යුතු ප්‍රතිචාරය මේක තමයි.

:       0       46

ranjan Wednesday, 11 March 2020 11:40 PM

කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන මෙවන් උගත් රජයේ උසස් නිලධාරින්ට ජනතාවගේ ප්‍රනාමය සදාකාලිකව ලැබෙනවා.

:       0       28

Perera Thursday, 12 March 2020 12:29 AM

මහා අධිකරණ විනිසුරුවරු තිදෙනෙක් මෙම කොමිසමේ සාමාජිකයන් වුවත් මෙම විශේෂ කොමිසමට මහා අධිකරණයක සතු අධිකරණ බලතල කිසිවක් නැත. මෙහි තිබෙන්නේ විමර්ශන බලතල පමනයි. එබැවින් නීතිපතිවරයා මෙහිදී දරන ස්ථාවරයට නිත්‍යානුකූලයි.

:       0       38

Champa Thursday, 12 March 2020 02:20 AM

නීතිපතිට නියෝග දෙන්න ජනාධිපති පත් කල ජනාධිපති කොමිසමකට බලයක් නැහැ. ජනාධිපතිට තියෙන බලයයි ජනාධිපති කොමිසමකට තියෙන බලයයි දෙයාකාරයි. ජනාධිපති කොමිසම මේක පටලවගෙන වගේ පේන්නේ. ජනාධිපති පත් කළා කියලා ජනාධිපති කොමිසමකට අධිකරණ බලයක් ලැබෙන්නේ නැහැ, ජනාධිපතිටවත් අධිකරණයේ පවතින නඩු ගැන තීරණ දෙන්න බැරිකොට ජනාධිපති කොමිසමක් එහෙම කරන්නේ කොහොමද?

:       0       54

රවින් Thursday, 12 March 2020 02:32 AM

කවුද, කවුරුද මොනවද දන්නේ?

:       0       8

Keppetipola Thursday, 12 March 2020 03:54 AM

නීතිපතිවරයාගේ දැනුම, බුද්ධිමත් භාවය, එඩිතර අවංක කම ඉතා අගයන්නෙමු. අපේ සමහර විනිශ්චයකාරවරුන්ගේ ක්‍රියාකලාපය ගැන ඉතා පැහැදිලි වන කරුණක් නම් ඔවුන් නීතිය ඉගෙන ගත්තට දැනුම් සම්භාරයෙන් සහ බුද්ධිමත් කමින් ඉතා දුර්වල බවත්, සමහරු ඉතා දුෂිත බවත්ය. මේ සියල්ලටම වන්දි ගෙවන්නේ දුප්පත් රටවැසියා වේ. නිකම් පඩි අරගෙන රටේ මුදල් නාස්ති කරමින් නඩු තීන්දුවක් හරියට දෙන්න බැරුව නඩු කල් දමමින් කාලෙ කමින් සිටින විනිශ්චයකාර වරුන් අපමණ රටේ ඇත.

:       0       117

Nimal Thursday, 12 March 2020 06:24 AM

සාමාන්‍ය මහජනතාව වන අපිට පෙනී යන්නේ පහුගිය කාලවල දුෂණ වංචා සහ තවත් අපරාධ සම්බන්දයෙන් චෝදනා ලබූ පැළැන්තිය ආරක්ෂා කර ගැනීම සඳහා විධායකය විසින් අධිකරණ බලය ඉක්මවා යාමට, අධිකරණය යටපත් කිරීමට ගන්න උත්සාහයක් ලෙසයි. අපි 69 ලක්ෂයක් බලාපොරොත්තු වුනේ මෙය නොවේ. නීතිය උත්තරීතර ස්ථානයට පත් කළ නීතිගරුක රටක්. අප නීති ගරුක මහජනතාව වෙමු.

:       0       0

wimal Thursday, 12 March 2020 09:28 AM

නීතිපතිතුමාට අපගේ ආචාරය ! වරක් කොමිසමක සභාපති කෙරුවා. එම අවස්ථාවේ මොහු රජයේ නිලධාරීන්ට කොපමණ අපහාස උපහාස කළාද? දිට්ඨ ධම්ම වේදනීය කර්ම. මෙම ආත්මයේදීම පලදීලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31187 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10966 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 67 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 899 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site